රාජපක්ෂ තම දේශපාලන වාසිය සඳහා උපරිමයෙන් පාවිච්චි කොට මහා ජනතාව මුලා කළ සුදු කොඩි කතාව තීරණාත්මක මට්ටමක.
යුක්තියද? බලයද? තීරණය ළඟදීම
සුදුකොඩි සිද්ධියට අදාළ නඩු විභාගය අදත් (29) කොළඹ මහාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබුවේය. එහිදී සාක්ෂිකරුවන් වන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණ සිටි මාධ්‍යවේදීන් 9 දෙනෙකු ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර ප‍්‍රදේශයේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී සරත් ෆොන්සේකා සිදුකළ ප‍්‍රකාශයකට අදාළ මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එක් පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයකට මීට පෙර නියෝග කර තිබුණේ. එහෙත්, එම මුල් වීඩියෝ පටය අස්ථාන ගත වී ඇති බව එම ආයතනය අද (29) අධිකරණයට දැනුම් දුන්නේය.

Post a Comment