නිල් චිත‍්‍රපට නළු නිළි පින්තූර අධිකරණයට

අසභ්‍ය චිත‍්‍රපට සඳහා පෙනී සිටි මෙරට තරුණ තරුණියන්ගේ ඡයාරූප කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අනිද්දා ඉදිරිපත් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එම ඡයාරූප පුවත්පත් මගින් ප‍්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඊට අවසර ලබා ගැනීමට බව ද එම කාර්යාංශය පවසයි. මේ වන විට අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි 875ක් අවහිර කිරීමට පියවර ගෙන ඇත. එලෙස අවහිර කර ඇත්තේ මෙරට තරුණ තරුණියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි, මිනිසුන් තිරිසන් සතුන් සමග ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුළත් වෙබ් අඩවි සහ වැඩිහිටියන් කුඩා ළමයින් සමග ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුළත් වෙබ් අඩවියි. මෙවැනි වෙබ් අඩවි තවත් දස දහස් සංඛ්‍යාත ප‍්‍රමාණයක් අන්තර්ජාලයේ තිබෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාලය පවසන අතර අදියරෙන් අදියර ඒවා ද හඳුනාගෙන අවහිර කිරීමට පියවර ගන්නා බව ඔවුන් පවසයි. Tell a Friend