පතලට ගිය රොබෝ කැඩෙයි; බලාපොරොත්තු සුන් වන ලකුණු

පතල් කරුවන් 29 දෙනෙකු සිරවී සිටින නවසීලන්තයේ ඔවුන් බේරා ගැනීම සඳහා යැවූ රොබෝ යන්ත්‍රය පතලේ අතර මැදදී අනතුරට ලක් වූ බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වේ. මේ නිසා පතලේ සිර වී සිටින අය බේරා ගැනීමේ උත්සාහය තව දුරටත් අපේක්ෂා බංගත්වයට පත් වේ. පසුගිය සිකුරාදා පතලේ සිදු වූ පිපිරීමෙන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඉන් පිටතට පැමිණි අතර අනෙක් 29 දෙන ගැන මෙතෙක් කිසිඳු ආරංචියක් නැත. ඔවුහු පොළව මට්ටමේ සිට සැතපුම් 1.4 ක් ගැඹුරින් සිරවී සිටින බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඔවුහු ගැන තොරතුරක් දැන ගැනීම සඳහා යැවූ රොබෝව මීටර් 550 පමණ පොළව මට්ටේමෙන් ඇතුලට ගමන් කිරීමෙන් පසු අනතුරට ලක් වූ බව වාර්තා වූ අතර එය යලි සකස් කිරීමටනම් අමෙරිකාවෙන් හෝ ඕස්ට්‍රේලියාවෙන් අවශ්‍ය මෘදුකාංග ලබා ගත යුතුබව පතල පිහිටි දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

Tell a Friend