ජනරාල් ෆොන්සේකාගේ නඩුව වහාම අත්හිටුවීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

තිළිනි ද සිල්වා සහ රන්ජන් කස්තුරි

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය හා ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම වහාම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කෙළේය. ජනරාල් මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීම වළක්වන අතුරු නියෝග නිකුත් කරනවා ද නැද්ද යන තීන්දුව ලබන බ්‍රහස්පතින්දාට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය කලින් තීන්දු කැර තිබිනි.

යුද්ධාධිකරණය අධිකරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් අර්ථ නිරූපනයක් දැක්වීමේ ප්‍රශ්නය අගවිනිසුරු අශෝක ද සිල්වා, ආචාර්ය ශිරා‚ බණ්ඩාරනායක, නිමල් ගාමි‚ අමරතුංග, සලීම් මර්සූෆ් සහ කේ. පවන් යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල සලකා බලා මෙම නියෝගය නිකුත් කළ අතර අර්ථ නිරූපනය සලකා බැලීම දෙසැම්බර් හය වැනිදාට කල් තැබීය. නීතිපති මොහාන් පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කෙළේය.- ලංකාදීප   Tell a Friend