ඉතිහාසයේ පළමු වරට බ‍්‍රසීලයට ජනාධිපතිවරියක්.

ඉතිහාසයේ පළමු වරට බ‍්‍රසීලයට ජනාධිපතිවරියක් තේරී පත් වූවාය. පසුගියදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව හිටපු ජනාධිපති ලූලා ද සිල්වාගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනාධිපතිනී ඩිල්මා රුසෙෆ් තේරී වූවාය. ඇය සියයට 55 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කරගනිමින් ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවාය. රුසෙෆ්ගේ ප‍්‍රතිවාදියාට ලබාගත හැකි වූයේ සියයට 46 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමනි. හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සිය දෙවන ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළේය. විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට සිය දෙවන ධූර කාලය අවසන් වනවිටත් ලූලා ද සිල්වා ජනාධිපතිවරයා බ‍්‍රසීල ජනතාව අතර ඉහළ ජනප‍්‍රසාදයක් හිමිකරගෙන තිබුණි. ඔහුගේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යැමට වත්මන් ජනාධිපතිනී ඩිල්මා රුසෙෆ් පොරොන්දු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය. Tell a Friend