රජුට එන්.ජි.ඕ ඔනෑ වෙයි

උතුරු ප්‍රදේශයේ සීඝ්‍රයෙන් සිදුවන සංවර්ධනය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය විදේශීය මෙන්ම දේශීය රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඉදිරියටද බලාපොරොත්තු වන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරයි. එසේම මෙම සංවර්ධන කටයුතුවලදී මෙන්ම අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවට සහන ලබාදීමේදි තීරණ ගනු ලබන්නේ රජය විසින් පමණක් බවද උතුරේ සංවර්ධන ක්‍රියාදාමයට නිසා ඒකාබද්ධ ක්‍රියාකාරි සැළැස්මක් සකස් කරන ඔහු පවසා සිටියි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදි ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානින් හමුවූ අවස්ථාවේදීයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක ආහාර වැඩසටහන ඇතුළු සංවිධාන 12ක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. Tell a Friend