රුසියානු ඔත්තු සේවයේ ස්ලීපෙර් ඔත්තු කරුවන් ලෙස කටයුතු කළ 10 දෙනෙකුගේ නම් එෆ්.බි. අයි. සංවිධානයට ලබාදුන් ද්‍රෝහියා ලෙස කර්නල් ශේබකාවෝ නම් කොට ඇත. මොහු පාවාදුන් අයවලුන් අතරට රූමත් ඔත්තු කාරිය වන අනා චැප්මන් ද සිටියාය.
රුසියානු ජනාධිපති දිමිත්‍රි මද්වතෙව් ප්‍රකාශයක් කරමින් කියාසිටියේ තම රටේ විදේශ බුද්ධිසේවයේ සිටි ජාති ද්‍රෝහියෙකු විසින් එහි සගයින් ඇමෙරිකානුවන් වෙත පවා දී ඇති බවයි. පසුගිය ජුනි මාසයේදී තමන් විසින් අත්අඩංගුවට ගත් ඔත්තු කරුවන් 10 දෙනෙකු හුවමාරු කිරීමට එකසත් ජනපදය කැමැත්ත පල කරනු ලැබුවේ රුසියානු ඇත අත්අඩංගුවේ සිටි ඇමෙරිකානු ඔත්තු කරුවන් සිව් දෙනෙකුටය. එය තමාට අමුතු ප්‍රවුර්තියක් ලෙස නදනුනු බවත් තම එස්.වී.ආර්. නමැති විදේශ බුද්ධි සේවයේ සිටි පවදෙන්නෙකු නිසා එය සිදු බවත හෙතම ජි20 සමුළුවට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍ය වේදීන්ට සඳහන් කළේය.
Post a Comment