වැල කෑ පබිලා ගේ කිරිබත

පෙර සටහන : සාමාන්‍යයෙන් දොළ දුක ඇති වන්නේ ගැබිණි මව් වරුන්ටය. නමුත් ලංකාවේ ඉතිහාසය එනම් පවුලේ හෝ එක් එක් පරම්පරා රජකම් කළ අයුරු ගැන කියවන ඔබට එකෙක රජුන්ටද එවැනිම වූ දොළ දුක් හට ගත් බව වංශ කතා වල දැක්වේ. ඒවා එසේ මෙසේ ඒවා නොව මහා පරිමාණයේ ඒවාය. ලොකු ලොකු වැඩය. ඇතැම් රජවරුන්ට ගැහැණු ළමිස්සියන් සමඟ සිරියහන් ගත වීමට ආශා ඇති විය. තවත් කෙනෙකුට කුමන පළාතක හෝ රුමතියක් සිටියහොත් ඇය තමන්ගේ නිතියානුකුල ( රජ කාලේ නීතිය යනු රජුගේ නිතිය වේ. ) අගබිසවට වඩා ක්‍රීඩාවේ දක්ෂ අයෙක්නම් රජු කෙසේ හෝ ඇය පටලවා ගැනීම සඳහා මාන බැලූ ආකාරය ඉතිහාසයේ සඳහන්ය. විශේෂයෙන් රජු තමන්ට වඩා වයසින් බොහෝ අඩු ස්ත්‍රියන්ට ප්‍රිය කළේය. ලංකාවේ වත්මන් රජ වරුන් සිටියි නම් ( ඔටුන්නක් නැති වුවද ) ඔවුහු එතරම් දේවල් කරන්නේ යැයි අපි නොසිතමු. නමුත් වත්මන් ආණ්ඩුවට ලොකු ලොකු වැඩ කිරීමේ දොළ දුකක් ඇත. එහි එක පියවරක් වූයේ මහා කිරිබතය. ඒ මහා කිරිබත...ඔව් ජාතියේ සංවර්ධන සංග්‍රාමයේ කිරිබත.... ඒ මහා මංගල්ලයේදී ඉව්වේය. කිරිබත කෑමට පැමිණි අයට මලු පිටින් දී යැව්වේය. එහෙත් ඉන් වැඩි කොටසක් ඉතුරු වී කොළඹ කුණු කූඩ පිරෙව්වේය. කුණු කූඩ කිසිවෙකුට නොපෙනෙන්නට අදින්නාට රජකළේ රන් කහ වනු වෙනුව ඇමති කම් දුන්නේය. නමුත් අදාල කිරිබතේ කතුවරයා ගැන පහත සටහන අපට ලැබුණේ පාඨකයෙකුගෙනි. රාජ්‍ය සේවකයෙකු වන හෙතමගේ නම හෙළි කිරීමට නොහැක්කේ ඇත්ත ලිවීමේ වන්දිය බෙල්ල කැපීමෙන් කෙලවර වන නිසාය. ආසියාවේ අයිශ්චර්යේ නිදහස එබඳුය.

වැල කෑ පබිලා එක එක ජාතියේ කෑම වට්ටෝරු හදන්නේය. වරක් වැල කෑ පබිලා ශ්‍රී විකම රාජසිංහ රජ්ජුරුවන්ගේ කෑම වට්ටෝරුව හැදුවේය. ඒ කාලයේ රෙට් අද මේන් ආහාර අහේනියක් නොතිබුණ නිසා රජ ගෙදර කුස්සියේ අරලිය කොල මාලුවක් ඉව්වාදැයි දන්නේ නැත. නමුත් වැල කෑ පබිලාගේ කෑම වට්ටෝරුවේ අරලිය කොල මාලුව ඇත.

ජිල්මාට් පාප්තියට අමුතුම තාලයේ වැඩක් කිරීමට වැල කෑ පබිලාට සිතින. ලෝකෙය් ලොකුම කිරිබත පිසින්නට වැල කෑ පබිලාට අවශ්‍ය විය. මා දන්නා හැටියට කිරිබත් උයන්නේ ලංකාවේ විතරය. ලංකාවේ අපේ අම්මලා, ආච්චිලා උයන්නේ කිරිබත් කැකුලු සහල් සහ පොල් කිරි වලිනි. එයට ලුණු ද ස්වල්පයක් එකතු කර එය කෑමට ලුණු මිරිසකුත් හදනවාය.

වැල කෑ පබිලාගේ කිරිබත අමුතුම ජාතියේ කිරිබතකි. එයට සහල්, පැණි, වියලි මිදි, කජුමද, හකුරු සමග පොල් කිරිද දමා ඇත. මා දන්නා හැටියට දේවාල කෝවිල් වල නම් සහල්, පැණි, වියලි මිදි, කජුමද, හකුරු සමග ෙපොල් කිරිද දමා මුරුතැන් බතක් පිළියෙළ කරන්නේය. කිරිබත යනු කුමක් දැයි නොදන්නා මේ පාණ්ඩයින් හෙට අනිද්දා තවත් මොකක් හෝ ජිල්මාට් බතක් පිසින්නට පුලුවන.

Tell a Friend