ඔඩෙල් නමැති රෙදි විකුණන කඩයට රෙදි මිලදී ගැනීම සඳහා ගිය ටෙලිනාට්‍ය නිළියක වන උදාරි වර්ණකුලසූරිය එහි තිබු රෙදි කිහිපයක් සොරා ගැනීම හසු වීමෙන් පසු ඇයට අදාල කඩේ ප්‍රධානියා වන ඔටාරා චන්දිරම් නමැත්තිය වද හිංසා පමුණුවා ඇති බව වාර්තා වේ. අදාල නිළිය කළ වැරැද්ද මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ අවසන් වී ඇතත්, එහි අති අනෙක් පැත්ත ගැන කිසිවෙකුත් කතා කළේ නැත. වාර්තා වන අන්දමට අදාල නිළිය රෙදි සොරකම් කිරීමෙන් පසු, රටේ නීතිය අතට ගෙන ඇති ඔටාරා තමන්ගේ අරක්ෂයාට අණ කොට ඇත්තේ ඇය දන බිම ගස්සවන ලෙසයි. එසේ ඇය බොහොවෙලාවක් තැබීමට අණදී ඇති අදාල කාන්තාව ඉන් බොහෝ වෙලාවකට පසු පොලිසියට කතා කොට ඇතියි වාර්තා වේ.
යම් කිසිවෙකු වැරද්දක් කළා වුනත් ඇයට විරුද්ධව දඬුවම් දීමේ හැකියාවක් උසාවියට හැර වෙන කිසිවෙකුට නැත. මේ නිසා මෙම සිදුවීමෙන් උදාරිගේ මුලික මානව හිමිකම් අයිතීන් උල්ලංඝනය වී ඇති අතර ඒ සඳහා ඔටාරට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබේ.

Post a Comment