කොරියන් අවුලේ අලුත්ම තත්වය
පසුගිය මාර්තු මාසයේදී තම රටට අයත් නැවක් මුහුදු බත් වීම සහ පසුගියදා උතුරු කොරියාවෙන් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර සඳහා තමන් ප්‍රතිචාර දැක් වූ ආකාරය ගැන එල්ල වන විවේචන නිසා දකුණු කොරියාවේ ආරක්ෂක ඇමතිවරයා අද පෙරවරුවේ ලබා දුන් ඉල්ලා අස්වීමේ ලියපිය භාරගත් බව එරට ජනාධිපති ලී මීට සුළු වෙලාවකට පෙර දැනුම් දුන්නේය. කෙසේ වෙතත් පසුගිය මාර්තුවේදී චියොනං නැව මුහුදු බත් වීම කරණ කොට ගෙන ආරක්ෂක ඇමති කිම් ඉල්ලා අස්වීමේ ලිපියක් පසුගිය මැයි මාසේ බාර දුන්නද එය ජනධිපති වරයා විසින් පිළිගත්තේ නැත. නමුත් අද දින අදාල ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් පසු එක්තරා උසස් ආරක්ෂක නිලධාරියෙක් මධ්‍යට කියා ඇත්තේ දකුණු කොරියාවේ ආරක්ෂක ක්‍රමය අලුත් කළ යුතු බවයි.

Post a Comment