ක්‍රීඩා ඇමති වීරයා වෙයි- මංජු වෙනුවෙන් කරලියට

බොක්සිං කී‍්‍රඩක මංජු වන්නිආරච්චිගේ බී සාම්පල පරික්ෂාව පිළිබඳ මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ඔලිම්පික් නිවහනේ අද (03) පැවැති මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් විය. ඊට එක්වූ කි‍්‍රඩා අමාත්‍ය සී.බි. රත්නායක සඳහන් කළේ ඉන්දියාව විසින් මංජු වන්නිආරච්චිගේ මුත‍්‍රා පරීක්ෂණ පිළිබඳ දී ඇති වාර්තා පිළි නොගන්නා බවයි. මේ නිසා මංජු ඇතුළු කණ්ඩායම යළිත් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් පැවසුවේ බී සාම්පල පරික්ෂාවට අදාල පහසුකම් නිසි පරිදි නොතිබූ බවයි. Tell a Friend