මෙන්න වෙදෙක්: සුවකරන්න යයි කියමින් දැරියක් පාගා මරාදමලා

ශරීරයේ නිල ස්ථාන අල්ලා වේදකම් කරනවා යයි කියමින් වෙදකමේ යෙදුණු එකතරා අයෙක් වරකාපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරුම් චෝදනා මතය. ඒ අනුව හෙතමගෙන් සුවය පතා රැගෙන ආ හදවත් රෝගී ළදරුවෙකු පරික්ෂා කොට ඇගේ යටිබඩ ප්‍රදේශයට වන්නට කොට්ටයක් තබා ඔහු විසින් ඇයව පාගා ඇත. එම දැරියගේ වයස අවුරුදු එකකුත් මස අටක් වන අතර නම සචිනි දිල්ෂානි සඳුන් කුමාරි වේ. ඇයගේ මව වන කේ. ශාන්ති මහත්මිය පවසන ආකාරයට තම දරුවාගේ හදවත් රෝගය සුව කර ගැනීම සඳහා කාරපිටියෙන් සහ කොළඹින් ප්‍රතිකාර ගත් නමුත් එය සුව කළ නොහැකි බව දැනුම් දී තිබේ. ඒ අනුව ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ කීමට දරුවා තුල්හිරියේ පිහිටි අදාල වෙදමහතාගේ නිවසට ගෙන ඒමෙන් පසු අනතුර සිදු වී ඇත. Tell a Friend