KORIAN CRISIS: ඇමෙරිකාව දකුණට කිරි පොවද්දී උතුරෙන් රතු එළියක්

අද උතුරු කොරියාවේ සිදු වූ ප්‍රහාරයෙන් පසු දුම් ඉහල ගියාකාරය දකුණු කොරියාවට පෙනුණු ආකාරය ඒ.පි. පුවත් සේවය වාර්තා කළ අයුරු සේයාරුවෙන් දැක්වේ.


කොරියන් අවුලේ අලුත්ම තත්වය 


කොරියානු අර්දධ්වීපයේ අර්බුධය උත්සන්න වෙමින් පවතින හැඩක් හැරෙන්නට වෙනත් සාමකාමී මාවතක් දෙසට නැඹුරු වීමක් දෙපාර්ශවය තුළින්ම නොපෙනේ. අදාල අර්බුදය සඳහා සියුම්ව දකුණු කොරියාවට උල්පන්දම් දෙන ඇමෙරිකාව තමන්ගේ නාවික යුධ අභ්‍යාස කොරියානු මුහුදේ ඉරිදා සිට සිදු කිරීමට සැරසෙමින් සිටින්නේය. එසේම මීට පෙර අප වාර්තා කළ පරිදි ජෝර්ජ් වොෂින්ටන් නාවික තටාංගනයද දකුණු කොරියානු දේශ සීමාවේ ස්ථාන ගත කොට තිබේ. නමුත් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු බල ඇණි වලට දැනුම් දීමක් දී ඇත. එසේම අදාල නිවේදනය මඟින් දන්වා තිබුණේ අදාල නාවික අභ්‍යාස යුද්ධය සඳහා අත වැනීමක් විය හැකි බවය.

මේ අතර දකුණු කොරියාවේ අදාල ප්‍රහාරය මුලික කර ගනිමින් ආණ්ඩු විරෝධී අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් ඇති වී ඇති බව දැනගන්නට ලැබේ. එසේම ඊයේ සිය තනතුරින් ඉල්ලා අස් වූ ආරක්ෂක ඇමතිවරයා වෙනුවට නව ඇමතිවරයෙක් පත් කිරීමෙන් පසුගිය කාලය පුරා සිදු වූ දුර්වලතා වෙනුවට ස්ථිර සහ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනධිපති ලී අවධාරණය කළේය.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ රාජ්‍ය පුවුත් ඒජන්සිය විසින් ලංකා ගාඩියන් වෙත ඒවා ඇති විද්‍යුත් පණිවිඩයට අනුව, තම හමුදාව සතුරන්ට දරුණු පාඩමක් ඉගැන්වීමට සැරසෙමින් සිටින බව සඳහන් කොට ඇත. අමෙරිකාව සමඟ එක් වී නටන සෙල්ලම වහාම නවතා දැමිය යුතු බවට නොකියා කියන උතුරු කොරියාව එහිදී තමන්ගේ භූමියට ඇතුළු වුවහොත් යුධ වැදීම සඳහා පසුබට නොවන බව ප්‍රකාශ කොට ඇත.

විශේෂයෙන් ජෝර්ජ් වොශින්ටෝන් හි ආගමනය අමෙරිකාවේ පුර්ණ අනුග්‍රහය යටතේ සිදු කරණ යුද්ධයක පෙර සලකුණු බව වාර්තා වේ.

මේ අතර අද පස්වරුවේ ( 26/11) උතුරු කොරියාවේ විශාල පිපිරීම් හඬක් ඇසුණු අතර එස්මඟ විෂ දුමක් පිට වූ බව නවතම වාර්තා පෙන්වා දෙන නමුත් එය කුමක්දැයි තවමත් ස්ථිර නැත. කෙසේ වෙතත් මෙම සති අන්තය අවසාන වීමත් සමඟ කලාපයේ නවමු පෙරළියක් සිදු වීමේ අවදානම අඩු නැති බව පෙනෙන්නට තිබේ.

" ඇත්ත සඟවා තබා ගනිමින් බොරු දේවල පෙන්නා අනෙකාට පහර දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඇමෙරිකාව සම්පුර්ණ උපදෙස් රූකඩ ආණ්ඩුවට ලබා දී ඇතුවාට සැක නැත," යයි අදාල නිවේදනයේ සඳහන් කොට ඇත.

Tell a Friend