කෝ මේ කරුණා! රජුගේ කුස්සියෙනුත් දොට්ටද?

මේ දක්වා ප්‍රකාශ කර ඇති අමාත්‍ය මණ්ඩලයට අනුව නැගෙනහිර පළාතේ සටන් වලදී අමිල සේවයක් සිදුකළා වූද පසුව ආණ්ඩුව සමඟ ඇති සෙනෙහෙබර ආලය නිසා තමන්ගේ පක්ෂයේ සාමාජිකයින් පවා මරු තුරුලට දැක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් විශ්‍රාමලත් කර්නල් කරුණා අම්මාන් රාජපක්ෂගේ කබිනේට්ටුවෙන් විසි වී ඇති බව වාර්තා වේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කුස්සියේ කැබිනෙට්ටුව සඳහාවත් තමා තෝරා ගනීවි යන නොසැලෙන විස්වාශයෙන් රජු ළඟටම වී හෙතම බලා සිටින බව සඳහන්ය.

රජු කෙළේ ගුණ දන්න කෙනා. මට නොසලකා ඉන්නේ නැහැ, යැයි මීට දින කිහිපයකට පෙර තමන්ගේ මීළඟ ඇමති කම ගැන ඇසුවිට කරුණ එක්තරා මාධ්‍යවේදියෙකුට සඳහන් කළේය. Tell a Friend