මං මේක්‌ අප් කරන්නේ මගේ සල්ලි වලින් - අනූෂා දමයන්ති

අපේ පවුලේ අය තදින්ම කේන්දර විශ්වාස කරනවා. මමත් එහෙමයි. ලබන නොවැම්බර්වලට කලින් විවාහ වියයුතුයි කියලා කේන්දර බලපු වෙලාවේ කිව්වා. එත් තාත්තා ලංකාවේ නැති නිසා කල්දාන්න වුණා. හැමදාටම ඉන්න යන ගමනක්‌ නිසා හරිදේ හරියටම කරන්න ඕන කියලා හිතුන නිසා සුදුසු කාලය එනකම් ඉන්න තීර්ණය කළා. 2010 මැයි වෙද්දි අනිවාර්යෙන්ම තීර්ණයක්‌ ගන්නවා.

ලක්‌මිණී අතුකෝරල


රංගන ශිල්පිණියක්‌ ලෙසට රිදී තිරයෙන් කලාවට අවතීර්ණය වූ ඇය පසු කලෙක වඩාත් ජනප්‍රිය වුණේ නර්තන ශිල්පිණියක්‌ ලෙසට. ඉන් පසුව වර්තමානයේ ගායිකාවක ලෙසත් ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය පුස්‌ඇල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක.

අනූෂා කොහොමද? මොනවද මේ දවස්‌වල තොරතුරු?

පසුගිය කාලේ නම් විවේකයක්‌ නැති තරම්. නිශාන්ත ද අල්‍විස්‌ගේ රජානෝ හාස්‍යමය චිත්‍රපටයටත්, සුමිත් ගල්හේනගේ සක්‌විති දඩයම, සංජයගේ රකුන්සැරය ඇතුළු නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා.

ඇයි මේ කොමඩි චරිතවලට විතරක්‌ම සීමාවෙලා?

ප්‍රධානම හේතුව ලැබෙන චරිත කොමඩි වීම. සිනමාවෙදි නම් චිත්‍රපටි නරඹන්න එන ප්‍රේක්ෂකයන් වැඩි කරන්න හාස්‍ය චරිත ඇතුළ් කරනවා. ටෙලිනාට්‍ය වලත් එහෙමයි. මම දකින විදිහට මේකත් එක රැල්ලක්‌. අපිත් ඒකට හසුවෙලා.

ශාස්‌ත්‍රීය නිර්මාණවලට සම්බන්ධවෙන්න කැමැත්තක්‌ නැහැ කියන්නේ ඇත්තද?

ඕනෑම චරිතයක්‌ රඟපෑමේ ශක්‌තිය මට තියෙනවා. චරිතාංග නිළියක්‌ කියලා මෙතෙක්‌ රඟපාපු චරිත වලින් ඔප්පු කරලත් තියෙනවා. චරිත අතින් ගත්තොත් ගැඹුරු චරිත රඟපාන්න තමයි මම වැඩිපුරම කැමති.


ඔබ රංගනයට වඩා නර්තනයට දක්ෂයි කිව්වොත්?

මගේ පවුල කලා පවුලක්‌. ඒ නිසා කලාව කියන්නේ මම සංසාරෙන් ගෙනාව දෙයක්‌. නර්තනය තමයි මම පුංචි කාලේ ඉඳලම හදාරපු දේ. කෙනෙක්‌ කියනවනම් මම ඒකට දක්ෂයි කියලා ඒක පිළිගන්නවා.

ඒ කියන්නේ ඔබට ඒ ගැන විශ්වාසයක්‌ නැද්ද?

විශ්වාසයක්‌ තියෙනවා. ඒකනේ පිළිගන්නේ.

මෙගා ස්‌ටාර්ස්‌ වේදිකාවෙන් ද ගායන හැකියාවන් ඉදිරිපත් කළේ?

මීට කලින් සහභාගි වුණේ සිරස ඩාන්සින් ස්‌ටාර්ස්‌ වැඩසටහනට. මෙගා ස්‌ටාර්ස්‌ තරගයට ආරාධනා කලහම විහිළුවටවත් සින්දු කියන්න දන්න කෙනෙක්‌ නෙමෙයි කියලා බැහැ කිව්වා. නර්තනයත් ඒකට එකතුවෙලා තිබුණ නිසා අභියෝගය භාරගත්තා. සැඟවිලා තිබුණු හැකියාවන් හොයාගන්න පුළුවන් වුණා. ඒක ඔපමට්‌ටම් කරගෙන යනකොට මොකක්‌දො වුණා.

ලැබුණු තීරණය ගැන සතුටු නෑ වගේ?

මගේ ගායන දක්ෂතාව වැඩි දියුණු කරගන්න පුළුවන් වුණා වගේම ඒ හරහා දෙයක්‌ වින්දා. ඒ ගැන මෙගා ස්‌ටාර්ස්‌ වැඩසටහනේ කර්ය මණ්‌ඩලයට මම ස්‌තූතිවන්ත වෙනවා. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ටිකෙන් ටික වැඩිවෙලා ඉදිරියට යද්දි බලාපොරොත්තු වැඩි වුණා.

ඇයි මෙතෙක්‌ සම්බන්ධ වුණු එක තරගයකින් වත් ජයග්‍රහණය ආසන්නයටවත් යන්න බැරිවුණේ?

තරගයක්‌ ආරම්භයේ දී ප්‍රකාශ කරන මුහුණුවර අවසානයට ලගාවෙද්දි ඊට දේශපාලනය, හිත මිත්‍රකම් එකතු වුණාම නියම දක්ෂයා තෝරගන්න බැරිවෙනවා. එතනදි මට විතරක්‌ නෙමෙයි ඕනම තරගයක සිටින නියම දක්ෂයට තැන අහිමිවෙලා යනවා.

ඒ සඳහා ප්‍රේක්ෂකයන් ඔබේ දක්ෂතාවන් අගයන්නේ නැතිකමත් හේතුවක්‌ද?

සිනමාවට ආව දවසේ ඉඳල අද වෙනකම් මට ශක්‌තියක්‌ වුණේ ප්‍රේíකයන්. ඔවුන් නිසා තමයි මම අද නර්තන ශිල්පිණියක්‌, රංගන ශිsල්පිණියක්‌ ගායන තරුවක්‌ හැටියට ප්‍රසිද්ධ වුණේ.


නිවසේ සිටින්නෙත් මේකප් කරගෙන කියන්නේ ඇත්තද?

මේකප් සුන්දරත්වය වැඩිදියුණු කරගන්න තියෙන මෙවලමක්‌. ඒක සමහර අයට ලස්‌සනයි. සමහර අයට කැතයි. ගැහැනියක්‌ කියන්නේ සුන්දර වස්‌තුවක්‌. ඒ අතරිනුත් නිළියක්‌ කියන්නේ ප්‍රේක්ෂකයාගේ සිහිනයක්‌. ඒ නිසයි ඔවුන් ආදරයෙන් නළු නිළියන්ව වැළඳගන්නේ. මගේ මුදලින් අරන් පාව්චි කරන නිසා කාටවත් ඒක ප්‍රශ්නයක්‌ නෙමෙයිනේ.


කාන්තාවක සුන්දර විය යුත්තේ බාහිර ස්‌වරූපයෙන් පමණක්‌ද?

නැහැ. ලස්‌සන කාන්තාවන් අතර කෘර ගති ඇති අයත් ඉන්නවා. ඒ නිසා ලස්‌සන වගේම ගති ගුණ අතින් උසස්‌ වෙලා ගේ දොර වැඩකටයුතු තමන්ගේ අතින් ගරගන්න අන් අය අතර සුන්දරව කැපී පෙනෙන කෙනෙක්‌ විය යුතුයි.

ආගම තදින් අදහන කෙනෙක්‌ වගේ?

ඔව්. මම දවසකට තුන්පාරක්‌ බුදුන් වඳින කෙනෙක්‌. සරස්‌වතී මෑණියන් අදහනවා. මගේ ගෙදර පරිසරයත් ගොඩනැගිලා තියෙන්නේ බුදු දහමේ දර්ශනය අනුව. නමුත් මම කැපී පේන්න පිං කරන චරිතයක්‌ නෙමෙයි.

කීප වරක්‌ම ඔබ විවාහ වන කාලවකවානු මාධ්‍යයට පවසා තිබුණා.

ඇයි තාමත් විවාහය ප්‍රමාද?

අපේ පවුලේ අය තදින්ම කේන්දර විශ්වාස කරනවා. මමත් එහෙමයි. ලබන නොවැම්බර්වලට කලින් විවාහ වියයුතුයි කියලා කේන්දර බලපු වෙලාවේ කිව්වා. එත් තාත්තා ලංකාවේ නැති නිසා කල්දාන්න වුණා. හැමදාටම ඉන්න යන ගමනක්‌ නිසා හරිදේ හරියටම කරන්න ඕන කියලා හිතුන නිසා සුදුසු කාලය එනකම් ඉන්න තීර්ණය කළා. 2011 මැයි වෙද්දි අනිවාර්යෙන්ම තීර්ණයක්‌ ගන්නවා.

අනාගත සහකරු මේ වෙද්දි තෝරගෙන ද තියෙන්නේ?

ඔව්. ඔහු විදේශගතව තමයි රැකියාව කරන්නේ එයා ගැන කිව්වොත් මගේ අවුරුදු හතක අටක ප්‍රේíකයෙක්‌.

තරු සම්බන්ධ කරගත් බොහෝ රියෑලටි වැඩසටහන් වලින් ඉවත් වෙන තරගකරුවන් අවසානයේ එම වැඩසටහන්වලට දොස්‌ නගනවා.

රියෑලටි කියන්නේ සත්‍ය කියන එකයි. මේ සඳහා විනිශ්චය ලබාදෙන්නේ ප්‍රේක්ෂක sපි හරහා හා නියමිත විනශ්චය මඬුල්ලකින්. පුද්ගලයෙක්‌ හැටියට මම sපි වලට විරැද්ධ චරිතයක්‌. මොකද sපි කියන්නේ අන්ධ තීරණයක්‌. තරගය ආරම්භයේදීම එහි ස්‌වභාවය තේරුම් කරනවා. එතනින් පස්‌සේ අපි ලැබෙන විනිශ්චයට හිස නමන්න ඕන. එහෙම කරන්න බැරිනම් තරගයට සහභාගී නොවී සිටීම තමයි කළ යුත්තේ.
Tell a Friend