නවසීලන්තයේ ජාතික ශෝක දිනයක්: පතලේ සිර වූ සියලුම දෙනා මිය ගිය බව තහවුරු වේ!

පතලේ ප්‍රධානියා  වන පීටර් වයිටෝල් මාධ්‍ය සාකච්චාවට සහභාගී  වෙමින්

පසුගිය සිකුරාදා නවසීලන්තයේ පතලකදී සිදු වූ පිපිරීමෙන් එහි පතුලේ සිර වුණු 29 දෙනා බේරා ගැනීම අත් හැර දමමින් ඔවුහු මිය ගිය බව එහි බේරා ගැනීමේ කණ්ඩායමේ ප්‍රධානියා මීට සුළු වෙලාවකට පෙර දැනුම් දුන්නේය. අදාල ශෝක ජනක පුවත දැනුම් දීමත් සමඟ බොහෝ දෙනෙකු තම ශෝකය ප්‍රකාශ කිරීමට අදාල පතල පිහිටි ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ. පතලේ සිර වූ අය මිය යන්නට ඇතැයි නිගමනය කිරීමට හේතුව වුයේ මීට සුළු වෙලාවකට පෙර එනම් එරට වේලාවෙන් දහවල් වරුවේදී පතල අභ්‍යන්තරයේ සිදු වූ තවත් පිපිරිමකි. ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියා කියා සිටියේ තමන් මළ සිරිරු සොයා ගැනීම සඳහා හැකි උපරිම මහන්සිය ගන්නා බවයි.

අදාල ශෝක ජනක පුවත වාර්තා වීමත් සමඟ ජාතිය ඇමතු නවසීලන්තයේ අගමැති ජෝන් කි තම බලාපොරොත්තු සුන් වූ බව කිවේය. එසේම මෙය ජාතික ඛේදවාචකයක් බව සඳහන් කළේය.
Tell a Friend