ආණ්ඩුවේ සැබෑ ආර්ථික නොහැකියාව අද දිනමිණේ

රජය විසින් සේවක නඩත්තුව පවා ඉතා අමාරුවෙන් නඩත්තු කරන පුවත්පත වන දිනමිණ, අද දින එහි ප්‍රධාන සිරස්තලය තුලින් තමන්ගේ ආර්ථික නොහැකියාව වඩාත් තර්කානුකූලව පෙන්වා දී තිබේ. එම නිසා ඉදිරි කාලය තුලදී කිසිඳු සේවක වැටුප් වැඩි වීමක් හෝ වෙනයම් සහන සේවයක් රජයේ සේවකයින්ට නොලැබෙන බව අවබෝධ කර ගැනීම එතරම් අපහසු නැත. අදාල වර්තාවට අනුව දැනට රජයේ සේවකයින් ලක්ෂ 13 ක් සිටින අතර විශ්‍රාමිකයෝ ලක්ෂ 51/2 ක් වෙසෙති. අඩු තරමින් රු. 100 කින් එනම් පරිප්පු ග්‍රෑම් 750 ක් හෝ පාන් රාත්තල් දෙකක් මිලදී ගැනීමට හැකි මුදලින් වැටුප් වැඩි කිරීමටනම් රජයට මිලියන 2000 ක් ඕන බවත් එය රජයට අති විශාල අභියෝගයක් බවත් එම වර්ත්ව පෙන්වා දී තිබේ. ලංකා ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නංවන්නට යයි කියමින් රුපයල් කොටි ගණන් පිටරට සමාගම් වලට වයකිරිම සහ යද්ධය නිම වී වසර එක හමාරකින් පසුත් ආරක්ෂක අංශ වල වියදම දිනේනෙන් දින වැඩිකිරීම වැනි දෑ ගැන මෙහිදී විස්තරාත්මකව කතා කළ යුත්තේ නැත.

ආණ්ඩුවේ දිනපතා පුවත්පත විසින් අද පල කරනු ලැබූ පුවත මහින්ද චින්තනයේ ආසියාවේ ආශ්චර්ය කිරීමේ න්‍යය පත්‍රයේ ඇති ආර්ථික ප්‍රතිපත්තිය හෙයින් කිසිඳු සංශෝධනයකින් තොරව අපි මෙසේ පල කරමු;

රාජ්‍ය සේවකයෝ ලක්ෂ 13යි: විශ්‍රාමිකයෝ ලක්ෂ 51/2යි
රුපියල් 100කින් පඩි වැඩි කරන්න මිලියන 2000ක් මාසෙකට ඕනෑ

සහනාධාර දෙන ගමන් පඩි වැඩි කිරීම රජයට අභියෝගයක්

රාජ්‍ය සේවකයකුගේ මාසික වැටුප රුපියල් සියයකින් වැඩි කිරීමට වැයවන මුදල රුපියල් බිලියන 1.4 ක් (රුපියල් දසලක්ෂ 1400) බව භාණ්ඩාගාර ආරංචිමාර්ග හෙළි කරයි.

දැනට ලක්ෂ 13 කට වැඩි ප්‍රමාණයක් මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටිති.


විශ්‍රාමිකයකුගේ මාසික වැටුප රුපියල් 100 කින් වැඩි කිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලයන 540 කි.


සමස්ත විශ්‍රාමිකයන්ගේ ගණන 540000 ඉක්මවයි.


දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පොහොර, සහනාධාරය සමෘද්ධි දීමනා වැනි සහනාධාර දිගින් දිගටම ලබාදෙන ආණ්ඩුවකට මෙය විශාල අභියෝගයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.


මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සහ ඉහළ කොත්මලේ, මෙන්ම මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් වෙනුවෙන් කෝටි ගණනක මුදල් වැයකරන ආණ්ඩුව ලබන වසරේදී රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කිරීමේ අභියෝගයට මේ වන විට මුහුණ දී තිබේ.


රුපියල් 100 ක් වැනි සුළු මුදලක් වැඩි කිරීමට මේ සා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබියදී රාජ්‍ය සේවක වැටුප රුපියල් අටදහසකින් දස දහසකින් (10000) වැඩි කිරීමට විපක්ෂය ඉල්ලා සිටීම ආර්ථික තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කරනු ලබන ඉල්ලීමක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


වසර 30 ක බිහිසුණු යුද්ධය නිමා කර ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ දැවැන්ත ක්‍රියාවලියකට අත ගසා සිටින ශ්‍රී‍්‍ර ලංකා ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුප් වැඩි කිරීමේ අභියෝගයද ජය ගැනීමට ක්‍රියාකරන බව භාණ්ඩාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
Tell a Friend