සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..

පැන්ඩා

" උඹ දැක්කද මචං ?
මොනාද බං ?
අර සිවේයන්ගෙ පොටො?
මොන සිවේයන්ගෙද බං?
අර පට්ට සිවේයන්ගෙ
පොටො ටික
මාධ්‍යයෙට දීලලු "

කෙලෙස් ප්‍රහීණ කළ
රහත් බව ලද
තරුණයකු විසින්
මා විමසූ අයුරුය

සාන්තුවරයින් සිටින
පාතලය කැබිනට් යන
වෙනත් කිසිඳු වරදක්
සිදු නොවන රටක
තම සිරුර පෙන්වූ
ස්ත්‍රීන් පමණක්ම
වරදකරුවන් වූ වගයි

මේ සියළු ස්ත්‍රීන්
අනාචාරයේ හැසිරුනෙ
චිත්‍රපටි තැනුයේ
පිරිමි පුලුටක් නොමැති
අපුරුම රටකය


රෝගාතුරු මවට
වියපත් පියාට
පාසැල් යන මල්ලිට
සහයක් වන්නට
ඇඳි වත මුදා හල
අහිංසක යුවතියන්ගේ
පවුල් පිටින් වනසා
රට ධාර්මික කරන
පාලකයින් වෙසෙන
ධර්මද්වීපය යි මේ.


පසු වදන : පැන්ඩා නං කවදාවත් ලාංකාවෙ වාණිජමය අරමුණින් නිෂ්පාදනය කරන ලද නිල් චිත්‍ර පටියක් ගැන අසා නොමැත.. මා සොයා ගත් කරුණු වලට අනුව මේ බොහොමයක් නිල් ච්ත්‍ර පටි යනුවෙන් හදුනා ගෙන ඇති වීඩියො එම යුවතියකගෙ අනුදැනුමකින් තොරව රවටා පිරිමිකමට නිගා කරන අධම පෙම්වතුන් ව්සින් රූ ගත කරන ලද වීඩියො පටයි..එසේත් නොමැති නම් ප්‍රසිද්ධියට පත් නොකරන බවට පවසා අහිංසක යුවත්යින්ගේ අවසරය යටතෙ විඩියො කොට පසුව ඔවුන්ට හොර රහසෙ අන්තර්ජාලයට මුදා හල විඩියො වේ.

සිද්ධිය එසේ නම් වී ඇත්තෙ ඔවුන්ට බලවත් අසාධාරණයකි..එසේ නම් සදාචාරාත්මක රජයක් විසින් කළ යුත්තෙ මෙම යුවතියන් රැවටීමට ලක් කල අධමයින් සෙවීම විනා ඔවුන් ගේ ජයාරූප මෙසේ ප්‍රසිද්ධියට පත් කර ඔවුන් කබලෙන් ලිපට ඇද නොදැමීම බව පැන්ඩාගෙ අදහසයි.අහිංසක දෙමාපියන් හා සහොදර සහොදරයින් මහත් ව්‍යවසනයකට පත් වන බවක් තෙරුම් ගැනීමට තරම් වත් මෙම පාලකයින්ට අවබොධයක් නොමැති ද? Tell a Friend