මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ගල්කිස්‌ස පොලිසියේ කොස්‌තාපල් (87589) ප්‍රබුද්ධ කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර පොලිස් සැරයන්වරයා මොරටුව ප්‍රදේශයේ සිට කොළඹ බලා යැම සඳහා කැබ් රථයකින් පැමිණ ඇත්තේ ඊයේ (8 වැනිදා) අලුයම 1.30 ට පමණය. ඒ අවස්‌ථාවේදී කටුබැද්ද පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි කොස්‌තාපල්වරයා කැබ් රථය නතර කරන ලෙස නියෝග කර ඇත.
එහිදී කැබ් රථය මාර්ග බාධකය අසල තිබූ මුර කුටිය සහ පොලිස් නිලධාරියා ද යටකරගෙන ගොස් නතරවී තිබේ. මොරටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
Post a Comment