අසභ්‍ය වෙබ් අඩවි දර්ශනවල සිටින දේශීය අයගේ පින්තූර අද මාධ්‍යවලට

ඇන්ටන් ප්‍රනාන්දු

අධිකරණ නියෝග මත තහනම් කරන ලද අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවිවල අඩංගු එම දර්ශනවල පෙනී සිටි දේශීය කාන්තාවන් හා පිරිමින්ගේ ඡායාරූප අද (08) මාධ්‍ය වෙත නිකුත් කිරීම පොලිස්‌ කාන්තා හා ළමා කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතය.

මේ වන විට එම කාර්යාංශය මගින් අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩිවි 947 ක්‌ සොයාගෙන තිබෙන අතර අධිකරණ නියෝග මත එම වෙබ් අඩිවි තහනම් කිරීමට කටයුතු යොදා තිබේ. එම වෙබ් අඩවිවල ඇතුළත් දර්ශනවල පෙනී සිටි ශ්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතය. Tell a Friend