ජි20 සමුළුව : පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම්

මෙම සතියේ අවසානයේ පැවැත්වීමට නියමිත ජි20 සමුළුව සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර කටයුතු සැකසෙමින් පවතින අතර ඊට විරෝධය දක්වන විශාල පිරිසක්ද අගනගරයට පැමිණෙමින් සිටිති. ඔවුහු මේ වන විටත් ඔවුන්ගේ සාමකාමී විරෝධය පලකරිමින් සිටිති. ඒ අතර ඊයේ විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ බව සෝල් නුවරින් ලැබෙන අලුත්ම වාර්තා වල සඳහන් වේ. විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයේ පෝස්ටර් සහ බැනර් අදාල විරෝධතාවයට පාවිච්චි කරන අතර ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා එරට පොලිසියේ සාමාජිකයින් සීරුවෙන් තබා ඇත.

එළඹෙන බ්‍රහස්ප්‍රතින්දා අදාල ජි20 සමුළුව පැවැත්වීමට නියමිතය. එසේම අදාල සමුළුව සඳහා රාජ්‍ය නායකයින් පැමිණෙන විට උද්ඝෝෂණ ප්‍රමාණය වැඩි වේ, යයි සැලකේ. මෙවර සමුළුව පැවැත්වීම සඳහා කටයුතු සුදානමින් පවතින්නේ සුපුරුදු පරිදි උතුරු කොරියාව සමඟ පවතින ව්රසකය වැඩි වෙමින් තිබෙන අවස්ථාවක වීමද සුවිශේෂී කාරණයක් ලෙස සැලකේ.
Tell a Friend