පර්දාව පැළඳුවාට රැකියාවෙන් දොට්ට

මුස්ලිම් පර්දාව ඉවත් කිරීමට සහ අතට අත දීම ප්‍රතික්‍ෂේප කළ ඉස්ලාම් භක්තික ගුරුවරියක් සේවයෙන් නෙරපා හැරීමට ප්‍රංශයේ පාසලක පාලනාධිකාරිය පියවර ගෙන ඇත. අදාල ගුරුවරිය එම පාසලට බඳවා ගෙන දින කිහිපයකට පසු මෙසේ සේවයෙන් නෙරපා හැරීමට හේතු ඉදරිපත් කරන බලධාරීන් කියා ඇත්තේ පාසල පොදු ස්ථානයක් නිසා එක් අයෙකුට පමණක් විශේෂයක් දැක්විය නොහැකි බවයි. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන මිලියන 62 ක් පමණ වන ජනතාවගෙන් සීයට 10 ක් පමණ වෙසෙන්නේ ප්‍රංශයේය.

අදාල පාසැල තුළ පර්දාව හෝ වෙනත් ආගමික කටයුතු නිසා විශේශිකර්ණය වීම 2004 සිට තහනම් කොට තිබේ. එසේම ප්‍රංශ පාර්ලිමේන්තුව විසින්ද ප්‍රසිද්ධ ස්ථානවල පර්දාව පැළඳීම තහනම් කොට තිබේ.

Tell a Friend