සමලිංගික සබදතා. ( සෑබෑ බන්ධනාගාර 07 කොටස )

ඔහු බන්ධනාගාරයට ගිය දවසේ අවුරුදු 17ක විතර පිරිමි ළමයෙක් ගෙනවිත් ඇත. ඒ පිරිමි ළමයාට රාත්‍රීයේ අවුරුදු 70ක විතර පුද්ගලයෙක් බලහත්කාරකමක් කරන්න උත්සාහ කර ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට රැදවියන් අතර සමලිංගික සබදතා ඇත.

හර්ෂි සි. පෙරේරා

ජගත් මුණසිංහ වයස අවුරුදු 47ක් වන විවාහක තිදරු පියෙකි. ඔහු විශ්‍රාමික හමුදා නිළධාරියෙකි.

ගාල්ල සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපති විත්තිකරුවන්ට පක්ෂපාතිත්වය දක්වා ඔහුට ව්‍යාජ චෝදනාවක් ගොනුකර ඔහුව බන්ධනාගාර ගතකරන ලදි. ඔහු එචි වාටිටුවෙි සිට ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට එම වාටිටුවේ 400ක් පමණ සිට ඇත. නිදා ගැනිමට ඉඩකඩ නැත.

බන්ධනාගාර නිළධාරින් ඔහු සමග අමනාපව සිිටි අයගේ කිමට ඔහුට පහර දිමටද සුදානමින් සිටියහ. ගෙදර අය බන්ධනාගාර අධිකාරිතුමාට කියලා එක කොහොම හරි වළක්ව ගත්තා. බන්ධනාගාර නිළධාරින් රැදවියන්ට පහර දෙනවා. එවගේම ඉතා නින්දිත ආකාරයට බැන වදිනවා.

ඔහු බන්ධනාගාරයට ගිය දවසේ අවුරුදු 17ක විතර පිරිමි ළමයෙක් ගෙනවිත් ඇත. ඒ පිරිමි ළමයාට රාත්‍රීයේ අවුරුදු 70ක විතර පුද්ගලයෙක් බලහත්කාරකමක් කරන්න උත්සාහ කර ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට රැදවියන් අතර සමලිංගික සබදතා ඇත.

ලෙඩ රෝග සැදුනු අය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. පැනඩොල් විතරයි දෙන්නේ. හොදටම අමාරුවුනත් බන්ධනාගාර නිළධාරින් ගණන් ගන්නේ නැහැ. රාත්‍රි කාලයේ ගංජා බොනවා. වැසිකිලි හරිම අපිරිසිදුයි.

රිමාණ්ඩි එකේ ඉන්න අයගෙනුත් වැඩ ගන්නවා. ඔවුන්ට කියලා වැසිකිලි හෝද ගන්නවා. ගංජා කුඩු වලට ඇබිබැහි නොවුන අයෙක් බන්ධනාගාරයට ආවොත් ඒ පුද්ගලයා එළියට යන්නේ කුඩු කාරයෙක් වෙලා. මිනිසුන් යහමගට ගන්න වැරදි යළි නොකරන්න බන්ධනාගාර ගත කළත් බන්ධනාගාරයෙන් එළියට යන්නේ අපරාධකාරයෙක් වෙලා.


Tell a Friend