FEATURE: සමාජ ගැටලු හමුවේ ගණිකාවක් වූ මල් කැකුලක්


නීතිය නොදැනිම සමාවට කරුණක් නොවේ.


කාලය බොහෝ ගතවන විට ඇයව කසාද බැදීමට කැමති තරුණයෙකු ඇයට හමුවිය. ඇය ඔහුට ආදරය කළාය. අවසානයේ, සිය විවාහයද ලියාපදිංචි කරන ලදි. සිය සැමියාගේ ඉල්ලිම පරිදි පසුගිය ජීවිතයට නැවතීමේ තිත තැබු සුසානි සැමියා සමඟ ජීවත් වූවාය. මවද නිදහස්වි මේ වන විට, නිවසට පැමිණ සිටින ලදි. දිනක් සැමියා සමඟ භෝජනාගාරයක වාඩිවි සිටියදි පොලිසියෙන් ඇයව අත්අඩංගුවට ගන්නා ලද්දේ අයාලේ යාම චෝදනාව හේතු කර ගෙනය.


හර්ෂි සි. පෙරේරා


සුසානි නාරාහේන්පිට පදිංචි කාරියෙකි. මව, සිය පියා අතහැර වෙනත් කෙනෙක් සමඟ ජීවත් වූයේ ඇය කුඩා කාලයේමය. පියා, මිනි මැරුම්, මංකොල්ල කැම් යන වැරදි සඳහා ඇය කුඩා කල සිටම බන්ධනාගාර ගත වු අතර, මවද, කුඩු ජාවාරම් නඩු සඳහා විටින් විට බන්ධනාගාර ගතවුනි. වයස අවුරුදු එකොලහ ලබන විටද මව කුඩු නඩුවක් සඳහා සිර දඩුවම් ලබමින් සිටින අතර, සුසානි සිය ආච්චි ළඟ ජීවත් වුවාය. මේ වන විට ඇය සිටි නිවසේ පියාගේ හිතවතෙකු යයි කියු අවුරුදු 23 ක පමණ තරුණයෙක්, මිනිමැරුම් නඩුවකට හසුව පොලිසියෙන් සැඟව සිටියේය. ඔහුගේ දැස් ඇය වෙත යොමුවුනේ, කුඩා දැරියකට සිටි, ඇයට ආදරය කිරීමට නොව, සිය ආසාවන් සතපවා ගැනිමෙ අදහසිනි. මෙයට විරුද්ධ වු සුසානි, ඔහුව නොරිස්සන ලදි. එහෙත් එක්තරා දවසක ඇය රත්මලන ඛෙලෙක් කඩේ හන්දියෙදි, පැමිණි වැන් රථයකින් ඉහත කී තරුණයා විසින් පැහැර ගෙන යන ලදී.

පාළු නිවසක හිරකර සිටියදි දුෂණයට ලක්වු සුසානි, ඉඩ ලද සැනින් පැනවිත් සිය ආච්චිට සියළු විස්තර පවසා, ඇයගේ අනුදැනුම මත, පොලිසිය වෙත, පැමිණිලි කර ඇත. මේ වන විටත් එම බලහත්කාරකම් නඩුව ගල්කිස්ස උසාවියේ විභාග වන බව ඇය විසින් ප්‍රකාශ කළාය. එසේම ඒ වන විට මවගේ දෙවෙනි විවාහයෙන් නංගිලා පස්දෙනෙකු හා මල්ලි කෙනෙකු සිටි බැවින්ද මව සිරගතව සිටින බැවින්ද සියලූ බර ආච්චිගේ කරමත පැටවුනි. එම හේතු නිසා බොහෝ කරදර මැද්දේ 8 ශ්‍රේණිය දක්වා ඉගෙන ගනු ලැබු සුසානිට ආර්ථික දුෂ්කරතා වැඩිවුයෙන් පාසල් ගමන නතර කිරීමට සිදු වුවාය.

මව සිරදඩුවම් විදින අතරතුර, සුසානිගේ පියාද, මිනිමැරුම් නඩුවක් සනහා මරණිය දණ්ඩනය ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුම් කරුවෙකු විය. මෙවන් පසුබිමක, අතරමං වු ඇය, මුදල් ඉපයීමට මාර්ගයක් සොයමින් සිටින අතරතුර, සිය අසල්වැසියකු වු හිතවත් අක්කා කෙනෙකු විසින් විසින් සොයා දෙන ලද රැකියාව වු ගණිකා වෘත්තිය සඳහා නොදැනුවත්වම යොමු වූයේ ළාබාල වියේ පසු වු ඇය සඳහා ඉහල මිලක් නියමව ඇති බව දැන සිටි නිසාය. එක් අයකුගෙන් රු 3000ක මුදලක් අයකරමින්. දවසේ ආදායම 10,000ක් දක්වා ප්‍රමාණයක් ඉපයු ඇය, සිය ජංගම දුරකථනය හරහා එන පණිවුඩ ඔස්සේ සිය රැකියාව කර ගෙන යන ලදි. ඉපයු මුදල් වියදම් කරමින් නංගිලාට, මල්ලිට හා, ගෙදර වියදම්ද දැරුවේ එක සිතිනි. ඇය සොයා එන ඕනැම කෙනෙකුට සිය සේවාව සැපයීම ඇගේ සිරිතය. එහෙත්, සිය සේවා කාලය තුළ කිසිදු සමාජ රෝගයකට ඇය ගොදුරු නොවිය.

කාලය බොහෝ ගතවන විට ඇයව කසාද බැදීමට කැමති තරුණයෙකු ඇයට හමුවිය. ඇය ඔහුට ආදරය කළාය. අවසානයේ, සිය විවාහයද ලියාපදිංචි කරන ලදි. සිය සැමියාගේ ඉල්ලිම පරිදි පසුගිය ජීවිතයට නැවතීමේ තිත තැබු සුසානි සැමියා සමඟ ජීවත් වූවාය. මවද නිදහස්වි මේ වන විට, නිවසට පැමිණ සිටින ලදි. දිනක් සැමියා සමඟ භෝජනාගාරයක වාඩිවි සිටියදි පොලිසියෙන් ඇයව අත්අඩංගුවට ගන්නා ලද්දේ අයාලේ යාම චෝදනාව හේතු කර ගෙනය. වැඩිදුර ඉගෙනුමක් නැති ඇය පොලිසියට අවනතව බන්ධනාගාර ගතවුනේ නීතිය නොදන්නා කම නිසාය. මේ වන විටත් ඇය සිතා සිටින්නේ, ඊළඟ නඩුවාරයෙදී, පොලිසිය පවසන පරිදි, වැරදිකරු යයි කියා, නිදහස්ව යාමටය. පලවෙනි වතාවට බන්ධනාගාර ගතවු ඇයට මේ සම්බන්දව අත්දැකිම් නැත.

උසාවි දෙකක නඩු දෙකක පැමිණිලිකාරිය වී ඇති ඇය, මේ නඩුව සඳහා වු චූදිතයෙකු වී ඇත. ඇයගේ පළමු නඩුව ඇයට සිදුකරන ලද සාපරාධි බලහත්කාරකමයි, දෙවන නඩුව, සිය පියා වැලිකඩ බන්ධනාගාරයේ දඩුවම් ලබමින් සිටින විට, සිදු වු හදිසි මරණය පිළිබඳ පැමිණිල්ලයි. සිය පියාගේ මරණය සැක කටයුතු යයි. ඇය විසින් පවසන ලදි. මේ සියලූ දේට මුහුණ දීමට සිදු වූ ඇගේ වයස අවුරුදු දහනමයකි. මේ කාලය තුළ සුසානිගේ ජීවිතයේ බොහෝ දේ සිදු වී තිබුනත් පෙනුමින්, ඇය, බොහෝ කෙසඟ ශරීරයක් ඇති, කුඩා දැරියෙකු යයි, දුටු පමණින් සිතේ.
Tell a Friend