2011 වසරේ ආරක්ෂක වියදම කෝටි 1300 කින් වැඩි කරයි


ලබන වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම සඳහා වෙන්කරන මුදල මේ වසරට වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 1300 කින් ඉහළ ගොස් තිබේ.

ඊයේ (13) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත කළ 2011 වසරේ විසර්ජන පනත් කෙටුම් පතට අනුව ලබන වසරේ ආරක‍ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුළු මුදල රුපියල් කෝටි 21400 කි. මේ වසරේ ආරක‍ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 20100 කි.

අද ලංකාවේ ත්‍රස්තවාදයකුත් නැතිව, එල්ටීටීඊ ය සමූල ඝාතනය කර තිබියදී ආරක‍ෂක අමාත්‍යාංශයට මෙතරම් මුදලක් වෙන්කර තිඛෙන්නේ කුමක් සඳහා දැයි අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රශ්න කළේය. එල්ටීටීඊ කාරයන් ආණ්ඩුව ගානේ ජීවත්වෙමින් ආණ්ඩුවේ උපදේශකයන් ලෙස සිටින බවද සමරවීර මහතා පැවසීය.

රටේ සමස්ථ අධ්‍යාපනයට කෝටි 3100 ක්, සෞක්‍යයට කෝටි 6200 ක් වෙන්කරද්දී ආරක‍ෂක අමාත්‍යාංශයට කෝටි 21400 ක් වෙන් කරන්නේ යුදමය තත්ත්වයක් නැතිව තිබියදී බවත්, එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් පසු යුද්ධයට කරන වියදම් අඩුවීමෙන් එම වාසිය ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැය කරනු ඇතැයි අපේක්ෂා කළ බවත්, සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. Tell a Friend