රංජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

පොලිසිය විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ප‍්‍රකාශ කළේ කොළඹ දී මොහු අත්අඩංගුවට ගත් බවයි. සාපරාදී විශ්වාසය කඩ කිරීම සහ විවාහ කර ගන්නා බවට පවසා ගුරුවරියකගෙන් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීම යන චෝදනා මත සැකකාර මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර වැඩිදුරටත් කියා සිටියේය. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක හෙට මහනුවර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය. Tell a Friend