අයාලේද ? කුඩුද ?


හර්ෂි සි. පෙරේරා

පූනෑව ප්‍රදේශයේ උපත ලැබු හංසිට කුඩා කළ සිටම දෙමාපියන් අහිමිව ගියේ, දෙදෙනා වෙනත් විහායන් කරගෙන, වෙන්ව ගිය නිසාය. හංසි සිය ආච්චි ළඟ කුඩා කළ සිට හැදි වැඩුනේ දැඩි දුෂකරතා මධ්‍යයේය. ආර්ථික දුෂ්කරතා මැද පාසල් ගිය ඇය 11 වසර තෙක් පමණක් අධ්‍යාපනය ලැබ ඉන්පසු ගාමන්ට් එකේ රැකියාවට යන්නට පුරුදු විය. කුඩා කාළයේ සිටම ආදරය අහිමි ඇය එහිදි හමුවු තරුණෙයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුනි. එහෙත් ඔහු විවාහයෙකු බව දැනගත්තේ ඇය ඔහුගෙන් අනාත වූවාට පසුවය. ඇයගේ මෙම ප්‍රේම සම්බන්ධය ගමේ සියල්ලන්ම දැනගෙන සිටි බැවින් ගෙදරට හෝ ගමේ අයට මුහුණ දීමට අපහසු විය. ගමේදී ඇය දැනහැදින සිටි අක්කා කෙනෙක් විසින් රැකියාවක් සොයා දෙන්නං යයි කියා කොළඔ කිරිබත්ගොඩ ප්‍රදේශයට රැගෙන ඇවිත් "නලින් ගෙස්ට්" එකට ගනිකාවක ලෙස ඇයව විකුණා ඇති බව දැනගත්තේ පසුවය.

සති දෙකක් ඇය එහි සිටියදී අනන්තවු ලිංගික හිරිහැරවලට ලක්වී ඇත. එහිදි එක් අයකුගෙන් රු 6500 බැවින් ලබාගෙන දිනකට 10-15 අතර ප්‍රමාණයක් සේවාදායකයන් පිණවීමට ඇයට සිදු වූවාය. ලාබාල වියේ පසු වූ ඇයට ඉහළ ලංසුවක් තිබු බැවින් කාමරයකටම කොටුකර සිර කාරියකගේ තත්වයකට පත්කර තිබුනේ පැනයාමට ඉඩ ඇති නිසාය. මෙම ක්‍රියාවන් ඉවසාගත නොවුනුතැන ඇය බොරු අසනීපයක් ගෙන එම ආයතනයේම සේවය කළ තරුණයෙකු සමඟ බෙහෙත් ගන්නට වෛද්‍යවරයෙකු ලඟට ගොස් ඔහුට හොරෙන් එම ස්ථානයෙන් පැන ගියාය.

ඇයගේ ගමේ යෙහෙලියක වැල්ලවත්ත ප්‍රදේශයේ සිටි බැවින් එම ලිපිනය සොයා ගොස් ඇගේ නිවසේ නතර විය. කොළඔට ආ යෙහෙලියගේ නව ජීවන තොරතුරු නොදැන සිටි හංසි දෙවන වරටද යෙහෙලියක නිසා ගනිකාවක් වූවාය. මේ වන විට කුඩු බීමටද ඇබ්බැව්වී සිටි යෙහෙලිය හංසිවද වෙනත් මිනිසුන් වෙත විකුණන්නට පටන් ගතත්තාය.

කිරුළපන හන්දියට යෙහෙලිය සමඟ පැමිණ දුරකථන මාර්ගයෙන් කථාකරගත් සේවාදායකයන් පැමිණෙන තෙක් සිට ඔහුනට භාරදී මුදල් ලබා ගැනීම යෙහෙලියගේ රාජකාරියයි. දිනකට රු 8000-10000 මුදලකට වාහනවලින් පැමිණෙන මධ්‍යම පන්තික මහත්වරුන්ගේ මනදොල පිනවීම මෙතෙන් සිට හංසිගේ රාජකාරිය විය. සති දෙකක් පමණ මෙම රාජකාරිය අඛණ්ඩව කරගෙන ගිය අතර හංසිට ලැබුනේ දිනකට එම මුදලින් රු 2000-2500 අතර මුදලක් පමණි.

සති දෙකක් මෙලෙස ගතවීමෙන් පසු වැල්ලවත්ත යෙහෙලියගේ නිවස ඉදිරිපිට පාරේ සිටියදී යෙහෙලිය සමඟ ඇය පොලිස් අත්අඩංගුවට පත්විය. නමුත් නීතීඥයකු මැදිහත්වීමෙන් පොලිස් ඇප මත යෙහෙලිය පමණක් නිදහස් වී ගිය බැවින්, ඇය කාත් කවුරුත්වම නැති නිසා අවසානයේදී උසාවි ඉදිරිපත් කර බන්ධනාගාර ගත කෙරිණ. පොලිසිය ඇගෙන් විමසා සිටියේ අයාලේ දාන්නද? නැතිනමි කූඩු දාන්නද? ලෙසය. ඇය අයාලේයැයි පැවසුවාය. පොලිසිය වරද පිළිගන්නා ලෙසද උපදෙස් දුන්නේය. මේවන විට කිසිදු හිතවතෙකු හෝ ඇය බැලීමට පැමිණ නැති බැවින් හෙට දින ඇය උසාවියෙන් එළියට යන්නේ කාලඟටද? කොතනටද? යන ප්‍රශ්නයට පිළිතුරක් තවමත් සොයා ගත නොහැක්කේ නැවත ගමට යාමට නොහැකි නිසාවෙනි.
Tell a Friend