ජනාධිපති රාජපක්ෂ සහ ජනාධිපති ඔබාමා ෆොටෝෂොප් වලින් මුණගැසුවේද?

ජනපති මහින්ද රාජපක්ෂ එජා සමුළුව ඇමතීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටි කාලයේ ඇමරිකාවේ ජනපති බරක් ඔබාමා මුණ ගැසීමට අවස්ථා කිහිපයකම උත්සාහ කළත් එය බැරිව ගිය බවත් ජනපති ආර්යාවට පමණක් ඔබාමා ආර්යාව හමුවන්නට අවස්ථාවක් ලද බවත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා සහ විවේචනද පළ විය. මේ නිසා ජනපතිගේ සංචාරය සඳහා විශාල මාධ්‍ය කණ්ඩායමක් රැගෙන ගියත් ඔවුන් කිසිවෙකුට හෝ ඔබාමා-මහින්ද ඡායාරූපයක් ලබා ගත හැකි වූයේ නැත. පහත පලවන චායාරුප දෙක දෙස බැලීමේදී පෙනීයන්නේ අදාල කැමරාව විසින් සෙවනැලි මකා දමා ඇති බවයි.

කෙසේවෙතත් ජනපති මහේන්ද්‍ර සංචාරය නිමවා මෙරට පැමිණ දින හතරක් පහක් ගිය පසු අද(ඔක් 4) ඔබාමා යුවළ සමග රාජපක්ෂ යුවළ සිටින අපූරු ඡායාරූපයක් එකවරම මතුව තිබේ...දිනමිණ ඩේලි නිවුස් ලක්බිම අයිලන්ඩ ඇතුළු රජයේ සහ රජයට සම්බන්ධ සියලූ පුවත්පත්වල අද එය පළ කර තිබේ. මෙතරම් කල් රජයේ මාධ්‍ය මේ පිංතූරය "හොරා වගේ" හං`ගා ගෙන සිටියේ කවර හේතුවක් නිසාදැයි නොදනී ? මෙය කල් ඇතිව දැම්මා නම් ඔය නෝක්කාඩු කතා මොනවත් නෑනේ.. එහෙම නැතුව මැතිවරණ වලදී වගේ මේකත් ගහපු ගෙමක්ද? කොහොම වුනත් වැඩේනම් වටිනා බව කිවයුතුමය. ගෞරවේ බලෙන් ලබා ගන්න බහේ කියන්නේ නිකමටද නේද? නමුත් ගන්න උත්සහ කරන්න බැරි නැහැ.

මුලාශ්‍ර ගොසිප් ලංකා Tell a Friend