කෙසේවෙතත් ජනපති මහේන්ද්‍ර සංචාරය නිමවා මෙරට පැමිණ දින හතරක් පහක් ගිය පසු අද(ඔක් 4) ඔබාමා යුවළ සමග රාජපක්ෂ යුවළ සිටින අපූරු ඡායාරූපයක් එකවරම මතුව තිබේ...දිනමිණ ඩේලි නිවුස් ලක්බිම අයිලන්ඩ ඇතුළු රජයේ සහ රජයට සම්බන්ධ සියලූ පුවත්පත්වල අද එය පළ කර තිබේ. මෙතරම් කල් රජයේ මාධ්‍ය මේ පිංතූරය "හොරා වගේ" හං`ගා ගෙන සිටියේ කවර හේතුවක් නිසාදැයි නොදනී ? මෙය කල් ඇතිව දැම්මා නම් ඔය නෝක්කාඩු කතා මොනවත් නෑනේ.. එහෙම නැතුව මැතිවරණ වලදී වගේ මේකත් ගහපු ගෙමක්ද? කොහොම වුනත් වැඩේනම් වටිනා බව කිවයුතුමය. ගෞරවේ බලෙන් ලබා ගන්න බහේ කියන්නේ නිකමටද නේද? නමුත් ගන්න උත්සහ කරන්න බැරි නැහැ.
මුලාශ්‍ර ගොසිප් ලංකා


Post a Comment