2010 ඔක්තෝම්බර් 05
පසුගියදා දකුණේ පැවති එකසත් ජාතික පක්ෂයේ රැස්වීමට නොදන්වා සහභාගී වෙමින් එය ආක්‍රමණය කළ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට එල්ල වූ බාධා වලට වගකිවයුත්තන් ගැන වාර්තාවක් හෙතම විසින් ඉල්ලා ඇත. එහි අවසානය තවත් දින කිහිපයකින් අදාල රැස්වීමේදී කළහ කාරී ලෙස හැසිරුණු පිරිස් වෙත සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ ලිපි ලැබෙන්නට ඉඩ තිබීමයි. රනිල් වූකලී තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා ඕනෑම මළ දානයක් කිරීමට හැකි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කල්‍යාණ මිත්‍රයෙකි. ඔහු දේශපාලනයේ නොසිටින්නට ජනාධිපති රාජපක්ෂ කෙනෙක්ද නැත. සැබවින්ම රනිල් යනු රාජපක්ෂගේ ඉටුදෙවියා වන්නා සේම රාජපක්ෂ යනු රනිල්ගේ ඉටු දෙවියාය .
මේවනවිට නාමික එජපයක් සහ ගොඩනැගෙමින් පවතින නව විපක්ෂ දේශපාලන පෙරමුණක් තිබේ. මෙම අවස්ථාව වඩාත් ප්‍රභුද්ධව තේරුම් ගැනීමට හැකිනම් ජනතා විමුක්ති පෙරමුණ වැනි සිංහල සම්බවයක් සහිත පක්ෂ වලට බිඳවැටුණු තැන්වලින් යලිත් නොවැටෙන ලෙස ගොඩ ආ හැකිය. මෙහිදී ජවීපෙ ගෙන ඇති මාර්ගය තුළ යම් කිසි බලාපොරොත්තුවක් තිබුණද ඊට ගම් මට්ටමේ ජනතාව ඉතා සීග්‍රයෙන් වෙනස් කළ හැකියි අනුමාන කළ නොහැකිය. මේ නිසා ගම මට්ටමේ ජනතාව වෙනස් කළ හැකි ක්‍රමෝපායික වැඩ පිළිවෙලකට ඔවුහුට ගමන් කළ හැක්කෙනම් පවතින තත්වය වෙනස් වනු නොඅනුමානය.
විශේෂයෙන් ජනාධිපතිවරයා කරන දේශපාලන වෙනස්කම් වලට හදවතින් එරෙහි වීමට එජපයට නොහැකිය. මන්ද මේ සඳහා මුලික අඩිතාලම දමා ඇත්තේ ඔවුන් විසින් හෙයිනි. නමුත් දැනට අත්තනෝමතික ලෙස සිර ගත කොට සිටින ජනරාල් සරත් ෆොන්සේකා විෂය කරගනිමින් තවදුරටත් ඉතිරි වී සිටින එජපයේ සගයින්ට බිම් මට්ටමේ කෑමොර දීමේ අවකාශයක් තිබේ. එය එම පක්ෂයේ නායකත්වය සමග සන්සන්දනය කිරීමේදී සහ එකී නායකත්වය ඊට දක්වන නැමියාව දෙස බැලීමේදී එතරම් වගතුවක් ඇති දෙයක් ලෙස නොපෙනේ. එජපයේ ගැටලුව වන්නේ රනිල්ය. ඔහු එහි සිටින තාක් කල්, සිටින පිරිස් ආණ්ඩුවට පැනීම සහ කට්ට කාගෙන ඉන්න පිරිස් කැරලි ගැසීම හැර වෙන දෙයක් නැත. තමාගේ ගඳ තමන්ට නොදැනෙනවා සේම එජපයේ නායකත්වය කුණුවෙමින් ඕජස් ගලන දුර්ගන්දය අදාල නායකත්වය උසුලුන මිනිස් ශරීරයට හැර අනෙක් සියල්ලටම දැනේ. නමුත් එය තමාට නොදැනෙන නිසා එලෙසමය. මින් ක්‍රමෝපයිකව ප්‍රයෝජනය ගත හැකි එකම පක්ෂය ජෙවිපෙ සහ ඊට සහයෝගය දක්වන අනෙකුත් බල කඳවුරුය.
මෙහිදී සිහි තබා ගත යුතු කරණය වන්නේ විපක්ෂයේ දේශපාලකයින් සහ අනෙකුත් බල කඳවුරු ගෙවන සෑම මොහොතකම කටයුතු කළ යුත්තේ මැතිවරණයක් යැයි සිතාගෙනය. එවිට තමන්ට පරාජය කිරීමට අවශ්‍ය බල කඳවුර මැතිවරණ සමයේදී නටන නාඩගම් වලින් වැඩක් වන්නේ නැත. ලංකාව දේශපාලනික වශයෙන් තල්ලු වෙමින් තිබෙන ආඝදයෙන් ගොඩ ඒමට හැක්කේද පරාජයේදී තව තවත් උත්සහවන්ත වී කටයුතු කිරීමෙන් පමණි. මෙහිදී සරල උදාහරණයක් දැක්වීම කාලෝචිත යැයි සිතන්නෙමු, එනම් තම දේශපාලනය ආරම්බ කළ මුල් අවධිය ගැන සඳහන් කරන එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ කෘතියක ලියා ඇත්තේ හෙතම වරක් ප්‍රවුර්ති සාකච්චාවක් කැඳවූ බවත් එ සඳහා තමා මනාව දින කිහිපයක් පුරා සුදානම් වූ බවත්ය. නමුත් ප්‍රවුර්ති සාකච්චාවට එකඳු වර්තකරුවෙක්වත් නොපැමිණි බව හෙතම සටහන් කොට ඇත. එසේම හෙතම වරකදී සංවිධානය කළ උද්ඝෝෂණයක් සඳහා සහභාගී වී ඇත්තේ තමන් ඇතුළු 08 දෙනෙකු පමණක් බව හෙතම සඳහන් කළේය. එලෙබෙන ඉදිරි කාලයේදී ලංකාවේ විපක්ෂ දේශපාලකයින් වඩාත් ක්‍රමෝපයිකව මෙන්ම විචක්ෂණ ශීලීව කටයුතු කළ යුතු වේ. මන්ද ආණ්ඩුවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් නැවත ඇති නොවන ලෙස බිඳ වැටෙමින් තිබෙන අතර මෙය යළි කෙසේ හෝ තබා ගැනීම සඳහා ඔවුහු කළ හැකි උපරිම බලය පාවිච්චි කළ හැකි බැවිනි. සෑම දිස්ත්‍රික්කයකම හමුදා රෙජිමේන්තුවක් ස්ථාපිත කිරීමේ සැඟවුණු සත්‍ය වන්නේ මෙයයි.
Post a Comment