ෆොන්සේකාට පාර්ලිමේන්තු යෑමට ඇති ඉඩ ඇහිරේ!

පාර්ලිමේන්තුව විසින් අනුමත කර එය ලිකිත ලියවිල්ලක් මඟින් බන්ධනාගාරයට ලැබෙන්නට සලස්සුවහොත් පමණක් දැනට සිර ගත කොට සිටින ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට සහභාගී විය හැකි බව බන්ධනාගාර කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. අදාල ලිඛිත අනුමැතිය ලබාදිය යුත්තේ කතානායක වරයා හෝ පාර්ලිමේන්තු කටයුතු භාර ලේකම් වරයා විසිනි. Tell a Friend