ඇෆ්ගන් ජනපති සහ තලේබානුවන් අතර නිල නොවන සාකච්ඡා


වොෂින්ටනයේ දී ඒ. එෆ්. පි

නව අවුරුදු ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමේ අටියෙන් දැන් ටික කලෙක පටන් තලේබානුවන් සමඟ නිල නොවන සාකච්ඡාවල නියැලී සිටින බව ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

වොෂින්ටන් පෙවිසිට් පුවත්පතේ දැක්වෛන ඉහළ පෙළේ රහසිගත සාකච්ඡා” සම්බන්ධ වාර්තාවක් පිළිබ්ද සී. එන්. එන් පුවත් සේවය කළ විමසීමකදී කර්සායි පවසා ඇත්තේ, රටවැසියකු තවත් රටවැසියකු සමඟ කරන සාකච්ඡාවක විලාශයෙන් තලේබානුවන් සමඟ කතාබහක නියැලී සිටින බවය.

නිශ්චිත ස්තානයකදී නිත්‍ය නිල සබඳතා ඇතිව සාකච්ඡා කෙරෙන වෙනුවට කලෙක පටන් නිල නොවන මට්ටමින් ඔවුන් සමඟ පුද්ගල සබඳතා පවත්වන බව කර්සායි කියා සිටියේ ය.

ඇෆ්ගන්, අරාබි මූලාශ්‍රයන් උපුටමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගියදා වාර්තාකැර තිබුණේ ඇෆ්ගන් රජය, පාකිස්තානය පදනම් ඇෆ්ගන් තලේබානුවන් හා තලේබාන් නායක මුල්ලා ඕමාර් සම්බන්ධ වූ රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවය.

මේ අතර ඇෆ්ගන් හිටපු ජනාධිපති බර්හානුදීන් රබානා පෙරේදා නව සාම මණ්ඩලයක සභාපති ලෙස තෝරාගෙන තිබිණි. මෙම සාම මණ්ඩලය තලේබානුවන සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා කර්සායි විසින් යෝජනා කරන ලද්දකි.

මේ අනුව සාම මණ්ඩලය ඔස්සේ කඩිනමින් නිල මට්ටමින් ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි කර්සායි පවසා තිබේ. Tell a Friend