චිලි පතලේ සිරවූවන් ගොඩ ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි

සැන්ජෝස් ආකරයේදී – ඒ. එෆ්. පී.

චිලියේ පතලක සිරවුණු 33 දෙනා ගොඩගැනීම සඳහා කණින ලද සිදුර ඉන්ජිනේරුවන් විසින් ශක්තිමත් කිරීමට පියවර ගනිද්දී පළමුව ගොඩ ඒමට ඉඩ දිය යුත්තේ කවරකුටද යන්න 33 දෙනාගේ විවාදයට තුඩුදී ඇතැයි පැවසේ.

සැන්ජෝස් ආකර – භූමියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී 33 දෙනාගේ කතා බහට ලක්ව ඇත්තේ කුමක් දැයි සෞඛ්‍ය ඇමැති ජායිමි මනාලිච් විසින් අනාවරණය කරන ලදී.

ඔවුන් ගොඩ ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් සමඟ කළ සාකච්ඡාවේදී එය තාක්ෂණික සාධක අනුව තීරණය වන්නක් බව ඇමැතිවරයා පෙන්වා දී තිබිණ.

මෙහිදී ඔවුන්ගේ ප්‍රතිචාරය අනුව එකිනෙකා අන්‍යයන්ට ඉඩ දෙමින් තම තමන් අත්තිමයා වීමට කැමැත්ත පළ කොට තිබිණ. මෙය ඔවුන්ගේ මිත්‍රත්වයේ කැපවීම සහෝදරත්වය හා ධෛර්ය පිළිබිඹු කරන්නක් බව ඇමැතිවරයා කීය. තවද පතල කඩා වැටුණු දිනයේ ඔවුන් සතුව තිබූ සෞඛ්‍ය තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බවද ඔහු කීවේය. Tell a Friend