"උදුල් අත්අඩංගුවට ගැනීම නිදහස් අධ්‍යාපනය වැනසීමේ එක පියවරක්"

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පල වේ

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පෙරට එන ශිෂ්‍යයින්මර්දනය කිරීම සහ ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමවහාම නතර කරනු.

රටේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව ශිෂ්‍යසටන් ගණනාවක් පැන නැගී අතර එම සටන්වලට සහභාගී වන සිසුන් මර්දනය කිරීම සඳහා විවිධක්‍රියාමාර්ග ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටී. අද (29) දින අභූත චෝදනාවක් එල්ල කරමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න සහෝදරයාව අත්අඩංගුවට ගෙන ඇතිඅතර එය ලාංකිය කම්කරු ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදෙනවා වෙනුවට ඔවුන් මර්දනය කිරීමේ ක්‍රියා පිළිවෙත නිසාමු සරසවි පද්ධතියම අවුල් සහගත තත්වයකට පත්ව ඇති අතර එහි වගකීම ආණ්ඩුව විසින් භාරගතයුතු බවත් එම වගකීම ශිෂ්‍ය නායකයින් වෙත පවරා අත සෝදා ගැනීමට ආණ්ඩුව දරණ නිර්ලජ්ජිතඋත්සාහය ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වන වැඩකරන ජනතාව ලෙස ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයදැඩිව හෙලා දකිමු.එසේම අභූත චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේකැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය නායකයින් වහාම නිදහස් කරන ලෙසත් ශිෂ්‍ය මර්ධනය වහාම නතර කරසරසවි යථා තත්වයට පත්කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් එසේ නොගතහොත්ශිෂ්‍යයින්ගේ අරගලයට වැඩකරන ජනතාව නොබෝ දිනකින්ම මැදිහත් වීම නොවැලැක්විය හැකි වනුඇති බවත් මෙයින් අවධාරණය කර සිටිමු. Tell a Friend