තිරිඟු පිටි සහිත කෑම පාසල් වල තහනම් කෙරේ!

තිරිඟු පිටි බාවිතයෙන් නිෂ්පාදනය කරන ක්ෂණික කෑම වර්ග පාසල් ආපන ශාලාවලට විකිණීම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යළි ඉල්ලා සිටී. මේ ආහාර වර්ග තහනම් කරන ලෙසට උපදෙස් දෙමින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද වැඩබලන සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ තත්ත්වය යටතේ පාසල් කැන්ටින් තුළ පෝෂණ පිරි දේශීය ආහාර අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ. මෙය " පාන් පිටි ත්‍රස්වාදය" නමැති ආණ්ඩුවේ ඇත්තන්ගේ යුද්ධයේ නවතම මෙහෙයුම බව වාර්තා වේ. Tell a Friend