ඉන්දියාව යළිත් ජගත් ආරක්ෂක මණ්ඩලයට


ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය හිමිව තිබේ. . විදෙස් වාර්තා සඳහන් කළේ, වසර දෙකක කාලයක් සඳහා තාවකාලිකව හිමිවන මෙම සාමාජිකත්වය ඉන්දියාවට ලැබී ඇත්තේ වසර 19කට පසුව බවයි. ඇමරිකාව, රුසියාව, බි‍්‍රතාන්‍ය, චීනය සහ ප‍්‍රංශය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රාජ්‍යයන් වේ. 1991 වසරට පෙර ඉන්දියාව, අවස්ථා 6කදී ජගත් ආරක්ෂක මණ්ඩලයේ තාවකාලික සාමාජිකයෙකු බවට පත්ව සටියේය. ආරක්ෂක මණ්ඩලයේ තාවකාලික සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආසියානු කලාපයෙන් ඉන්දියාව සමග කසකස්ථානය තරගයට පිවිසි සිටි නමුත්, පසුව කසකස්ථානය ඉන් ඉවත් විය. ආරක්ෂක මණ්ඩලයේ තාවකාලික සාමාජිකත්වය සඳහා පැවැති ඡුන්ද විමසීමේදී ජගත් සංවිධානයේ රටවල් 191න් 187ක කැමැත්ත ඉන්දියාවට හිමිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර, ඉන්දියාවට ජගත් ආරක්ෂක මණ්ඩලයේ තාවකාලික සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අනෙකුත් රටවල සහාය අපේක්ෂාවෙන් එරට විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා පසුගියදා නිව්යෝර්ක් නුවරට පැමිණියේය. එහිදී මේ සම්බන්ධයෙන් රටවල් 56ක නියෝජිතයන් සමග එස්.එම්. ක‍්‍රිෂ්ණා අදහස් හුවමාරු කර ගත්තේය. ඉන්දියාවට අමතරව ජගත් සංවිධානයේ තාවකාලික සාමාජිකත්වය හිමි වූ අනෙක් රටවල් වන්නේ, දකුණ අපි‍්‍රකාව, ජර්මනිය, පෘතුගාලය සහ කොලොම්බියාවයි. Tell a Friend