කැකිල්ලේ රජුගෙන් තවත් තීන්දුවක්: ජනරාල්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග!

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇති ඡන්ද පෙත්සම නීතියට පටහැනි අයුරින් ගොණු කර ඇති බැවින් එය විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිශ්ප‍්‍රභා කරන ලෙස මෙරට නීතියේ සහ අනෙකුත් සියල්ලගේම අධිපති සහ එකම හිමිකරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ නියෝග කොට ඇත. ඡන්ද පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරු දෙමින් සිය ලිඛිත කරුණු දැක්වීම් ගොණු කරමින් ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පෙත්සමේ වගඋත්තකරු ලෙස නම් කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන්, ජනාධිපති නීතිඥ ඞී.එස්. විජේසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (25) මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම කළහ. පෙත්සම්කාර ජනරාල් සරත් ෆොන්සේකා ගොණු කර ඇති පෙත්සමට වගඋත්තරකරුවන් වෙනුවෙන් මතු කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය දීම ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් කල් දමා තිබේ. අගවිනිසුරු අශෝක ද සිල්වා, විනිසුරුවරුන් වන ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, කේ. ශ‍්‍රීපවන්, පී.ඒ. රත්නායක, එස්.අයි. ඉමාම් ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනුයි මෙම පෙත්සම සලකා බලන්නේ. Tell a Friend