කොහෝ කොහෝ නලා හඩින් එන සුදු වැන් සමග උදාවන අවුරුද්ද?


හර්ෂි සි. පෙරේරා

ගුණරත්නම් සහ දිමුතු පැහැර ගැනීමත් ඔවුන් දිවි බේරාගැනීමත් සමග මෙවර අවුරුද්ද උදා වේ. මේ සිද්දිය අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ ශ්‍රී ලංකාවේ නිරායුද දේශපාලන කතිකාවකට රට තුල ඉඩක් නොමැති බවයි. ගුණරත්නම් බේරා ගැනීමට ඍජුව මැදිහත් වන්නේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයයි. තම රටේ පුරවැසියකුගේ දිවි බේරා ගැනීමට විදෙස් රටක මැදිහත්වීම සිදු වන්නේ ගුගල් එපා කොක් එපා යයි කැ මොර දෙන විරවන්සලා සිටින රටකය.

මේවන විට අසල්වැසි ඉන්දීය සාදකය ශ්‍රී ලාංකීය රාජ්‍ය තාන්ත්‍රික සබදතා කෙරෙහි අන් කවරදාකටවත් වඩා තීරණාත්මක වී තිබේ. මෙය රවුද්‍ර වුයේ මාර්තු මස එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට විරුද්දව චන්දය පාවිච්චි කිරීමත් සමගයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විදේශ මද්යකට ප්‍රකාශ කලේ මේ ගැන ශ්‍රී ලංකාව බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බවයි. මේවන විට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය මන් මොහාන් සින් ට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනයා නැවත පදිංචි කිරීම සහ පුනුරුත්තාපනය කඩිනම් කිරීම ගැන සැලකිල්ල යොමු කරන ලෙසයි.

උතුරු නැගෙනහිර ගාන්දි පිළිරුව ඇතුළු පිළිම හතරකට හානි කිරීම ගැනද ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරි නැගෙනහිර මහා ඇමති පිල්ලයන්ගෙන් කරුණු විමසා තිබිණි. සියල්ල පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා සම්බන්දයෙන් උද්ගතව ඇති තත්වයයි. එය යුද්දය පැවති කාලයටත් වඩා නරක අතට හැරී ඇත. යුද්දය ප්‍රශ්නයේ එක අවස්ථාවක් පමණක් වන අතර ගැටලුව සම්පුර්ණයෙන් විසදීමට නම් දේශපාලන විසදුමක් අවශ්‍ය වේ. එහිදී විශ්වසනීයත්වයට සහ වගවීමට දැඩි වැදගත්කමක් හිමිවිය යුතුය.

උදාවන අවුරුද්දේද රටේ නිතිය ක්‍රියාත්මක වීම සමානව සහ සදාරනව සිදු නොවේ. සෑම පොලිස් ස්ථානයකම වදහිංසාව බොරු නඩු දැමීම දැකිය හැක. පමිනිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් කිසිදු විශ්වසනීයත්වයක් නැත. මෙවන් පසුබිමක ජනතාව පොලිසියෙන් දුරස් වේ.

ඉහත තත්වයන් තුල මෙවර අවුරුද්ද උදා වේ.