රුපියල් 07 ක් ගෙවා ඉස්සරහා හෝල්ට් එකේ බහිමු.

පෞද්ගලික බස්රථ සඳහා අවම බස් ගාස්තුව රුපියල් 7 දක්වා ඉහළ දැමීම‍ට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජූලි මස පළමුවැනිදා සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අනෙක් බස් ගාස්තු ද සියයට 7.6% න් ඉහළ නැංවෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් මෙම බස් ගාස්තු සංශෝධනය සකස් කර ඇති බව සී.බී.රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend