Home social පොලිසිය ගොඩාක් වෙලා බලා ඉඳලා සරසවි සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම ගැන ජනාධිපති සතුට පල කරයි
පොලිසිය ගොඩාක් වෙලා බලා ඉඳලා සරසවි සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම ගැන ජනාධිපති සතුට පල කරයි
By Sri Lanka Guardian • October 16, 2010 • Breakingnews feature social • Comments : 0
මුල් තැන විනයට සහ නීතියට බව මහින්ද කියයි
පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ සරසවි සිසුන් කළහකාරී ලෙස හැසිරෙද්දී පොලීසිය බොහෝ වේලාවක් ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී සිය සතුට පල කළ බවද සඳහන් වේ. ඔහු මේ බව කියා සිටියේ, දකුණු පළාත් සංවර්ධන කමිටු රැස්වීමට වැලිගම නගර සභා පරිශ‍්‍රයේ දී අද (16) එක්වෙමින්ය.
මේ අතර රට ගොඩනැගීමේ දී මුල්තැන විනය සහ නීතියට හිමිවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය . දකුණු පළාතේ සියලූ පාසල්වල ක‍්‍රියාත්මක වන අසම්පූර්ණ ව්‍යාපෘති පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපති මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට මෙහිදී නියෝග කල බව ආරංචි මාර්ග සඳහන් කරයි. මාතර දිස්ති‍්‍රක්කයේ නව පාසල් දෙකක් ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (16) නියෝග කර තිබේ. සුනාමියෙන් විනාශයට පත්වූ පාසල් දෙකක් වන මාතර මහාමායා බාලිකාව සහ මාතර සර්වේසස් විද්‍යාල වෙනුවට වෙනත් ස්ථානයක රජය විසින් පාසල් යළි ගොඩනැගු බව එහිදී වාර්තා විය. එහෙත් එම ප‍්‍රදේශවල ඉදිකළ පාසල්වලට ළමුන් යොමුකිරීමට දෙමව්පියන් කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් ඒවා වෙනම පාසල් දෙකක් ලෙස පවත්වාගෙන යන ලෙසට ජනාධිපතිවරයා අද (16) නියෝග කර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment