වැල්ලවත්තේ පිරිමි මළ සිරුරු දෙකක්

වැල්ලවත්ත - විවේකානන්ද පාර ඉදිරිපිට දෙහිවල පාලම අසළ මුහුදු වෙරළේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක්, පොලීසිය අද (16) සොයා ගත්තේය. මියගිය දෙදෙනා වයස අවුරුදු 22ක් සහ 30ක් පමණ වන පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ. ඉන් එක් අයෙකු තෙල්දෙණිය - රංගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව, සනාථ වී තිබෙ. අනෙක් තැනැත්තා මෙතෙක් හඳුනා ගෙන නැත. මියගිය දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙ. Tell a Friend