ජනරාල් ෆොන්සේකා, බන්ධනාගාරයේ පියන් වැඩට!


හිටපු හමුදා පති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනරාල් සරත් ෆොන්සේකා මේ වනවිට සිරකරු අංක 0/22032 යටතේ වැලිකඩ බන්ධගාරයේ වැඩ පාටියට යෙදවීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඇතැම් විට ඔහුට කාර්යාල ලියුම් ඛෙදීමේ කටයුතුවල යෙදවීමට ඉඩ ඇත. පැදුරේ නිදා ගන්නා ඔහු උදේ 5.00 ට අවදිවිය යුතුය. ඛෙලෙක් පිඟානත් රැගෙන කෑම ගැනීමට සෙසු සිරකරුවන් සමග පෝලිමේ යන ඔහු රාත්‍රී 7.00 ට නින්දට යයි. රාත්‍රී 7.00 වන විට සිර මැදිරියේ ලයිට් නිවා දමයි. නෑමට හෝ මුහුණ සෝදා ගැනීමට බාල්දියකින් දිය ඇඳ ගැනීමට සිදුවේ. කෙසේ වෙතත් යුද්ධය සිදු කරන අවධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුවී මෙන් පසු ඇති වී තිබෙන ශරීර අභ්‍යන්තර තුවාල හේතුවෙන් හෙතමට බර වැඩ කිරීම නුසුදුසුය.


ජනරාල් ෆොන්සේකා හට , ජනාධිපති මහේන්ද්‍ර පර්ශිගේ නියමයෙන් පත්කළ ජනරාල් ෆොන්සේකාට වඩා නිලයෙන් පහල මට්ටමේ කනිෂ්ට හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු විසින් නිකුත් කළ නඩු තීන්දුවක් අනුමත කරමින් මස 30 සිරදඬුවමක් පසුගියදා ලබා දුන්නේය. Tell a Friend