හමුදාපති ජගත් ජයසුරිය, පිරිමින් කෙළසූ සම ලිංගිකයෙක්

නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ පොතෙන් උපුටා ගන්නා ලද්දකි.


ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 41 ලක‍ෂයකගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලැබූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ ජෙනරාල් ෆොන්සේකා මහතා දඬු කඳේ ගැසූ යුද අධිකරණ සාමාජිකයින්ගේ පැටිකිරිය මෙසේය. වත්මන් යුද හමුදාපතිවරයා එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ දී හමුදා නිලධාරීන් හෝ සෙබළුන් මෙහෙයවමින් ඉදිරි පෙරමුණට නායකත්වය දුන් පුද්ගලයෙකු නොවීය.
භාණ්ඩ සැපයීම, ප්‍රවාහණ, වෛද්‍ය ප්‍රතිකාර ආදී කටයුතු සම්බන්ධීකරණය බාරව සිටියේ ඔහුය.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේ වත්මන් යුද හමුදාපතිවරයාට එරෙහිව සමලිංගික සේවනය පිළිබඳ චෝදනා එල්ලවූයෙන් ඔහු සහ ඔහුගේ පෞද්ගලික සහාකාරවරයා අත්අඩංගුවට ගෙන පරික‍ෂණ පැවැත්වීමට සිදු විය. මෙම පරීක‍ෂණ ආරම්භ වී කෙටි කලකින් හමුදාවේ තවත් නිලධාරීන් ගණනාවක් අභිබවා හමුදාපති ධූරය ලබා ගැනීමට වත්මන් යුද හමුදාපතිවරයා සමත් විය. ඒ අනුව ඔහුට එරෙහිව පැවති පරීක‍ෂණ අවසන් වූයේය.

ස්වාභාවික නීතිය අභිබවමින් සරත් ෆොන්සේකා මහතා ට එරෙහිව කටයුතු කිරීමට වත්මන් හමුදාපතිවරයා කටයුතු කරනුයේ මෙවැනි පසුබිමක ය.

2010 අප්‍රේල් 6 වන දින ඇරඹි දෙවැනි යුද අධිකරණ නඩු විභාගයේ දී එම්.පී. පීරිස්, මේජර් ජෙනරාල් එස්. ඩබිලිව් දවුලගල, මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ, යන අය විනිසුරුවන් ලෙස පත් කරනු ලැබූ අතර ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු විනිසුරුවන්ගේ නීතිඥයා ලෙස පත් කරනු ලැබීය. මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් අධිකරණයේ සභාපතිවරයා වූයේය.

ඉහත පුද්ගලයින් සියලූ දෙනා සරත් ෆොන්සේකාට වඩා කනිෂ්ඨ නිල දරන්නන් වන අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව අවම වශයෙන් හමුදා සේවයේ වසර 10 ක් කනිෂ්ඨ නිලධාරීහූ වෙති.

2010 අප්‍රේල් 6 වන දින සවස 2.30 ට පමණ නඩු විභාගය ඇරඹි විට සරත් ෆොන්සේකා එයට සිය විරෝධය ප්‍රකාශ කළේ මෙම අධිකරණ කි්‍රයාමාර්ග දෙකම එක හා සමාන වන බව දක්වමිනි. අභියාචනාධිකරණය විසින් යුද අධිකරණ කි්‍රයාවලියට ලබා දී ඇති තීන්දුව (196/2010) නොතකා කටයුතු කිරීම මතු කළ විරෝධතා ද නොතකා හරිමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සිය කටයුතු ඇරඹීය.

සාමාන්‍යයෙන් පැවැත්වෙන යුදාධිකරණ ක්‍රියාවලියක පැමිණිල්ලේ නිතිඥවරයා ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පූර්ණ කාලීන මේජර් ජෙනරාල්වරයෙකු සිටී. එසේ සිටිය දී අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලෙස මෙම කටයුත්තට නාවික හමුදා නිලධාරියෙකු වු රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු පත් කරනු ලැබීය.

පැමිණිල්ලේ නීතිඥයා ලෙස කටයුතු කරන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් පවරා ඇති අංක 196/2010 රිට් නඩුවේ, එන්.ඕ.එච්.සී/02/2010 දරණ හබයාස් කෝප්ස් නඩුවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති අංක 65/2010 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකි. එවැනි පුද්ගලයෙකු පැමිණිල්ලේ නීතිඥ වශයෙන් කටයුතු කිරීම තුළම එහි ඒකපාර්ශ්වීය බවක් මතුවේ.

2010 මාර්තු 16 හා 17 දෙ දින පළමු සහ දෙවැනි යුදාධිකරණ තීන්දුව ප්‍රකාශ කරන මොහොත වන විට රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ෙජ්.එස්. ප්‍රනාන්දු ශ්‍රී ලංකාවෙන් පිටත සිටියේය. ඔහු යුරෝපයේ සිට මෙරටට පැමිණියේ සරත් ෆොන්සේකාට එරෙහි යුදාධිකරණ කි්‍රයාවලිය සඳහාමය. ඒ යුද හමුදාවේ නිත්‍ය නිලධාරියෙකු සිටිය දී ය.

ශ්‍රී ලංකා යුද හමුදා පනතේ අංක 53 (2) දරණ ඡේදය අනුව වු රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ෙජ්.එස්. ප්‍රනාන්දු පැමිණිල්ලේ නිතිඥවරයා එම කටයුත්ත සිදු කිරීමට නොසුදුස්සෙකු බවට පත්වේ. පනතේ වගන්ති උල්ලංඝණය කරමින් මෙම කටයුත්ත සිදු කිරීම තුළින්ම ඔහු ඒකපාර්ශ්වීය පක‍ෂග්‍රාහී පුද්ගලයෙකු බවට පත් වේ.

එපමණක් නොව ඔහු ඉතා සමීපව රජයේ කටයුතුවලට ජාතික සහ අන්තර්ජාතිකව මැදිහත්වන, එමගින් වැටුප්, වරප්‍රසාද ලබන පුද්ගලයෙකි. එපමණක් ද නොව ඔහු ජනාධිපතිවරයා යටතේ කි්‍රයාත්මක නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකි.

දෙවැනි යුද අධිකරණයේ විනිසුරුවරයෙකු වූ මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් හමුදාවේ ප්‍රධාන අණදෙන නිලයන්ගෙන් ඉවත් කරනු ලැබූවේ වැරදි සාක‍ෂි දීම පිළිබඳ ඔහුට එල්ල වූ චෝදනාවක් හේතුවෙනි. එම තීන්දුව ක්‍රියාත්මක කරන ලද්දේ සරත් ෆොන්සේකා හමුදාපති ධූරයේ කටයුතු කරමින් සිටින අතරය.

මේජර් ජෙනරාල් එස්. ඩබිලිව්. දවුලගල වසර දෙකක් පුරා ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා යටතේ සේවය කළ අයෙකි. එපමණක් නොව ඔහු ඉතා සමීපව රජයේ කටයුතුවලට ජාතික සහ අන්තර්ජාතිකව මැදිහත්වන, එමගින් වැටුප්, වරප්‍රසාද ලබන පුද්ගලයෙකි. එපමණක් ද නොව ඔහු ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකි. එපමණක් නොව සරත් ෆොන්සේකා අයත් වූ සිංහ රෙජිමේන්තුවට එරෙහිව කටයුතු කිරීම සඳහා ගජබා රෙජිමේන්තුවේ නායකත්වයට පත් කරනු ලැබීය.

යුද අධිකරණයේ අනෙක් විනිසුරුවරයා වූ මේජර් ජෙනරාල් හතුරුසිංහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පැවැත්වූ, ඔවුන්ගේ වැටුප් ලේඛනයේ සිටි පුද්ගලයෙකි. ඔහුට විරුද්ධව හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා කටුයතු කරද්දී පියවර ගනු ලැබීය. නීතිඥයින්ගේ විරෝධය හමුවේ යුදාධිකරණයේ තීන්දුව වූයේ නඩු විභාගය අප්‍රේල් 7 සහ 9 දෙ දින එනම් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සහ පසු දින පැවැත්වීමය.

විරෝධතා හමුවේ අප්‍රේල් 9 දින (රජයේ නිවාඩු දිනයක) යුද අධිකරණය නැවත කැඳවූ අතර එදින සරත් ෆොන්සේකාට එරෙහිව අලූතෙන් චෝදනා ඉදිරිපත් කරනු ලැබීය.

දෙවැනි යුද අධිකරණයේ මේජර් ජෙනරාල් එම්. පී. පීරිස් ට එරෙහිව විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවීම සහ ෆොන්සේකා මහතාට එරෙහිව අගතිගාමීවීම කෙරෙහි විරෝධය එල්ල වීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරුවීම, ආරක‍ෂක ලේකම්වරයා සමඟ සමීප සබඳතා පැවැත්වීම, යන විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.

මේ සියලූ විරෝධතා නොතකා කි්‍රයාත්මක වූ යුදාධිකරණය අවසානයේ සරත් ෆොන්සේකා මහතා ට මාස 30 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. එය සිදු කරනු ලැබූවේ ඔහුට එල්ල කළ දුෂණ චෝදනා කිසිවක් තහවුරු නොකළ පරිසරයක ය. යුද හමුදාපතිවරයා ලෙස නිල බලයෙන් ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ධූරය දැරීම හේතුවෙනි.
Tell a Friend