නීතිය වල්වදුනු තැනක යුක්තිය සෙවීම

හර්ෂි සි. පෙරේරා


පොලිසිය - ස්ත්‍රී දූෂණය ලිංගික අතවරයට පෙරලයි.

මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ත්‍රාත් මවට බැන පන්නාගනී.

ස්ත්‍රිය විසින් දුෂණය කර ගත්තා යැයි පොලිස්යෙන් අමුතු ප්‍රකාශයක්.


කළුතර මහාධිකරණයේ සේවකයකු වූ ප්‍රියංකර නැමැත්තා පාසල් ශිෂ්‍යාවක් වූ තම දියණියව පැහැරගෙන ගොස් දින 16ක් පුරා රදවාගෙන, දුෂණය කරන ලදි. මේ සම්බන්ධයෙන් ඇයගේ මව යුක්තිය ඉටු කරගැනීමට ඇය නොවිදපු දුකක් නැත. නොවින්ද අපහාසයක් නැත.

කළුතර දකුණ පොලිසියේ මුලු මහත් උත්සහාය වූයේ දූෂකයාව බේරාගැනීමටය. පොලිස්පති ඇතුලු උසස් නිලධාරින් පවා අපරාධය යට ගැසීමට නොගත් උත්සහායක් නැත.

ඇය, අපරාධය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. ඒ 2010 මැයි 25 දිනය. එයින් මසක් ඉකුත්වූ තැන කලුතර දකුණ පොලිසිය, අපරාධ සැකකරු ප්‍රියංකර පොලිසියට කැදවා අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණය වහා ඔහු ඇප මත මුදාහලේය.

2010 ජූනි 26 කලුතර මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කළ නඩු, විභාගයට ගෙන ඇති බව ඇය දැනගත්තාය. ඒ තමාට හා දියණීයට ලැබනු සිතාසිය අනුවය. එම 2010. 10. 05 දින සිතාසියට අනුව, ඇය හා දියණීයව මෙම මස 25 (200.10.25) දින අධිකරණයේ පෙනී සිටිය යුතුය. සිතාසියේ සදහන් පරිදි නඩු අංකය 69807 වේ.

ඇය 2010.10.07 දින මෝෂමක් මගින්, 69807 නඩුවේ සම්පූර්ණ වාර්තාවේ විධිමත් සහතික පිටපත ඉල්ලා සිටියේය.ඇය එය රෙජිස්ටාර්වරයාගේ ලිපිගොනු තෝරන නිළධාරියකු වෙත යොමු කරනු ලැබුවාය. එහිදී ඇයට පැයකින් එන ලෙසට දානවා ඇත. ඇය නැවත පැයකින් ගොස් විමසා බැලුවාය. එවිට එම නිළධාරියාගේ පිළිතුර වූයේ තවත් පැයකින් එන ලෙසටයි. ඉන් පැයකට පසුව විමසූවිට එකී නිළධාරියාගේ පිළිතුර වූයේ නඩු පොත නැති නිසා ඉල්ලීම ඉටු කළ නොහැකි බවයි. ඇය රෙජිස්ටාර්වරයා වෙත නැවත ගොස් නඩු පොත නැහැ කියන බව දැනුම් දුන්නේය. "නැති දෙයක් දෙන්නේ කොහමද?" ඔහුගේද පිළිතුර විය. එවිට 25 දින නඩුව පවතිනවාද යන්න ඇය විමසුවාය . එවට ඔහුගේ පිළිතුර "ඔව්" විය. එදිනට නඩු පොත ඉදරිපත් කරනවාද ඇයගේ ඊළඟ පැනය විය. ඔහුගේ පිළිතුර "ඔව්" විය. අද නැති නඩුපොත එදාට ඉදිරිපත් කරන්නේ කෙසේද ඇගේ ඊලග පැනය විය. එම පැනයෙන් කුපිතවූ ඔහු ඇයට ඇසැබි වචනයෙන් පැනවැදී පන්නා ගන්නා ලදි.

සිතාසියට අනුව, ප්‍රියංකරට එරෙහිව නගා ඇත්තේ පැහැරගෙන යාම හා ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ නොව, පාසල් ශිෂ්‍යාවකට අයුතු බලපැම් කර ලිංගික අතවර සිදුකිරිම යන චෝදනාව යටතේය. මෙයද කලුතර දකුණ පොලිසිය හිතාමතාම ප්‍රියංකරව බේරාගැනීමට කරන ලද්දකි. අධිකරණ සේවකයකු වූ ප්‍රියංකරව බේරා ගැනීමට, සමස්ථ පොලිසිය ඇතුලු අධිකරණ කාර්ය මණ්ඩල දරන උත්සහාය කොතරම් බලගතුද යන ප්‍රශ්නය නගන මව, කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පැවැත්වීම තුළ තමාට හා දියණියට යුක්තිය ඉටු කරවා ගැනීමට නොහැකිවන බවද ප්‍රකාශ කරන්නීය.

මෙම සිද්ධීය වූ අවස්තාවේ කලුතර නීතිඥවරුන්ගේ සංගමයේ හා කාර්යමණ්ඩලයේ බහුතරය සිටියේ සැකකරුව බේරා ගැනීමටය. එකදු නීතිඥයෙක්වත් ඇය වෙනුවෙන් ‍ඉදිරිපත් නොවූ හෙයින්, කොළඹින් නීතිඥවරයෙකු ගෙන ඒමට ඇයට සිදුවූ බවද ඇය කියා සිටින්නීය.

මෙම නඩුවෙන්, රටේ නඩු පමාවක් නැති බවද පෙන්නුම් කරයි. මාස 05 ක් තුළ චෝදනා ගොනුකොට නඩු විභාගය ආරම්භ කිරීම ආශ්චර්යමත් කරුණක් බවද පෙන්වා දිය යුතුය. මෙම සිද්ධියේදී පොලිස්පති කියා සිටියේ, පැහැරගෙන ගියා නොව පැනලා ගිය බවයි. දූෂණය කළා නොව දූෂණය කරගත් බවයි. දැන් ස්ත්‍රී දුෂණය, ලිංගික අතවරයට පෙරලිලාය. මෙහෙම යනකොට,තම දියණිය විසින් ප්‍රියංකර දූෂණය කළා යයි තීන්දු වුවහොත් එයද පුදුමයට හේතුවක් නොවනු ඇත. ආසියාවේ අශ්චරය්ක් බවට පත්වන්නේ යයි උදම් අනන රටේ ඇත්ත තත්වය වන්නේ එයයි Tell a Friend