ඒඑස්පී නිදන් හොරා යළි රිමාන්ඩ්

පොළොන්නරුව අරගලන්විල සිරිපුර සුරියදේව රජමහා විහාරයේ නිදන් හාරන්නට ගොස් විහාරාධිපති හිමියනට ගිනි අවි පෙන්වා තර්ජනය කළැයි කියන වාකරේ සහකාර පොලිස් අධිකාරි ඇතුළු පොලිස් සාමාජිකයන් අටදෙනාත් ව්‍යාපාරිකයන් දෙදෙනා ඇතුළු පිරිස පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබුහ. නඩුවද දෙහිඅත්තකණ්ඩිය උසාවියට මාරු කැර යැවිනි. ඒ අනුව විත්තිකරුවන් යයි සක කෙරෙන වාකරේ සහකාර පොලිස් අධිකාරි අජිත් ඉන්දික හපුගොඩ ඇතුළු සැකකරුවෝ 13 දෙනෙක් බදුල්ල බන්ධනාගාරයට මාරුකරනු ලැබුහ. Tell a Friend