ප්‍රේමදාස සහ ජේ ආර් මේ රට පවා දුන්නා - පිල්ලයාන්

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති මෙවන් අවස්ථාවක පිළිගත හැකි මට්ටමේ බලය බෙදීමකින් රටේ කාලයක් තිස්සේ පවතී ගැටලු විසඳ හැකි බව නැගෙනහිර පළාතේ මහා ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පසුගිය බදාදා ප්‍රකාශ කළේය. ඒ හෙතම මේ දිනවල සටහන් තබන සහජීවනය සඳහා වූ කොමිසම ඉදිරියේ පසුගිය බදාදා සාක්ෂි දෙමිනි. එසේම හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ගේ හැඟීම හිටපු නායකයින් වන ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස මේ රට පාවාදුන් අයවලුන් බවයි. ඒ නිසා වත්මන් රජයද සුපරික්ෂාකාරිව කටයුතු කළ යුතු බව හෙතම අවධාරණය කළේය. Tell a Friend