යුද්ධය ගැන විශාරදයින් වීමට ගිය උන්ගේ කීමට හමුදාව යුධ අපරාධ කළේද?

හිටපු එල්ටිටිඊ ප්‍රකාශකයාගේ බිරිඳ එල්.එල්.ආර්.සි. ඉදිරියේ සාක්ෂි දෙයි

කොටි සංවිධානයේ ප්‍රකාශකයා වශයෙන් කටයුතු කළ ඉලන්තේරියන්ගේ බිරිඳ වන වනිතා ඉලන්තෙරියෙන් ඇහුන්කම් දීමේ සහ සමාධානය පිළිබඳව කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින්, ප්‍රතිකාර ලබා දීමට යැයි කියමින් හමුදාව විසින් රැගෙන ගිය තමන්ගේ ස්වාමියා ගැන ඉන් පසු සිදු වුනේ කුමක්දැයි තමන් කිසිවක් නොදන්නා බවයි. එසේම මඩකලපු ප්‍රදේශය භාරව කටයුතු කළ කොටි නායකයාගේ බිරිඳද ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කළේය.

තිදරු මවක වන ඉලයන්තෙරියන්ගේ බිරිඳ වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ මැයි 17 වනදා තම ස්වාමියා හමුදාව විසින් රැගෙන ගිය බවයි. ඉන් පසු සි.අයි.ඩී හි දෙදෙනෙකු පැමිණ තමන්ගේ ස්වාමි පුරුෂයා පෙන්වීමට හැකියි ඈට ඔවුන් සමග ඒමට අණ කළත් ඇය එය ප්‍රතික්ෂේප කොට ඇත. Tell a Friend