Home
Breakingnews
ෆොන්සේකා වෙනුවෙන් පැවැති උද්ඝෝෂණයට රනිල් ඇවිත් නෑ
ෆොන්සේකා වෙනුවෙන් පැවැති උද්ඝෝෂණයට රනිල් ඇවිත් නෑ
By
Sri Lanka Guardian
•
October 05, 2010
•
Breakingnews
•
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පොදු විපක්ෂය සරත් ෆොන්සේකා වෙනුවෙන් ඊයේ (04) කොළඹ දී පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පැවති මෙම උද්ඝෝෂණයේදී විපක්ෂ නායකවරයාට “හූ” කීමේ හා පහරදීමේ ප්‍රයත්නයක් ඇති බැව් සැළවීම නිසා උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වී නැති බවත් වාර්තාවේ.
එහෙත් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, තිස්ස අත්තනායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
Post a Comment