EXCLUSIVE: සෝභිත හිමි මට්ටු කරන්නැයි මර්වින්ට ජනාධිපතිගෙන් කොන්ත්‍රාත්තුවක්

" අන්න අර මිනිහා නටනවා වැඩි, කොහොම හරි මට්ටු කරපන් කියාය.: එවිට සිල්වා එකවරම "කවුද සර් ?" කියනවිට, "අන්න අර සෝබිතද .. ගෝබිතද කියන හාදයා" යයි පිළිතුරු ලැබී ඇත.


දැනට අත්තනෝමතික ලෙස බරපතල වැඩ සහිතව හිරේට යවා ඇති ජනරාල් සරත් ෆොන්සේකා බේරා ගැනීම වෙනුවෙන් මුලික වී කටයුතු කරන පුජ්‍ය පද මාදුළුවාවේ සෝභිත හිමි කෙසේ හෝ මට්ටු කරන ලෙස ජනධිපති පර්ෂි මහේන්ද්‍ර විසින් ඔහුගේ සුවච අනුගාමිකයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා හට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය. අදාල ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි, පෙරේදා රාත්‍රියේදී ජනධිපති මහේන්ද්‍ර විසින් අදාල සිල්වා හට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදී කියා ඇත්තේ, " අන්න අර මිනිහා නටනවා වැඩි, කොහොම හරි මට්ටු කරපන් කියාය.: එවිට සිල්වා එකවරම "කවුද සර් ?" කියනවිට, "අන්න අර සෝබිතද .. ගෝබිතද කියන හාදයා" යයි පිළිතුරු ලැබී ඇත.


කෙසේ වෙතත් මේ වන විට රටේ වල් වැදී ඇති නීතිය සහ ආණ්ඩුව විසින් කරගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියා වලට විරුද්ධව කටයුතු කරන පුජ්‍ය සෝභිත හිමියන් ආණ්ඩුවේ පන්දම් කාරයින් සහ නිවටයින් වී සිටින අනෙකුත් හිමි වරුන් යන මග නොයා විශාල සේවයක් කරන හිමිනමකි. මේ නිසා ජනධිපති මහේන්ද්‍ර උන් වහන්සේ කෙසේ හෝ නිහඩ කිරීමට සැලසුම් කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා උන් වහන්සේ, ජනරාල් ෆොන්සේකා නිදහස් කොට තමන් ඇතුළු සිය නමක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යවන්නයි, ජනධිපති පර්ෂි මහේන්ද්‍රගෙන් විවුර්ත ඉල්ලීමක් කළේය. එම ප්‍රකාශය දෙස් විදෙස් විශාල පිරිසකගේ දැඩි අවදානයට ලක් විය. Tell a Friend