අවුරුදු 12 ක දැරිය අම්මා කෙනෙක්‌ වෙයි

වයස අවුරුදු 12 ක්‌ පමණ වයසැති පාසල් දැරියක ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී දරු ප්‍රසූතියක්‌ සිදු කිරීමෙන් අනතුරුව මොරවක රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබයි.


මව හා බිලිඳා සුවසේ සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මීට දින කිහිපයකට පෙර මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත.බිළිදාගේ බර සාමාන්‍ය තත්ත්වයෙන් නොමැති බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස නේවාසිකව සිටින බව රෝහල් ආරංචිමාර්ග කීවේය.


දරු ප්‍රසූතිය සිදු කළ පාසල් දැරිය හා ඇයගේ මව මොරවක ප්‍රදේශයේ ධනවත් පවුලක මෙහෙකාර සේවයේ යෙදී තිබේ. දරු ප්‍රසූතිය දක්‌වාම ඇය පාසල් ගොස්‌ ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත. Tell a Friend