එක්සත් ජාතීන්ගේ ජගත් ප්‍රජාතන්ත්‍රවාදී දිනය | 2010 සැප්තැම්බර් 15
යුද්ධාවසානයෙන් පසු අව්‍යාජ ප්‍රජාතන්ත්‍රීයකරණයක් සඳහා ලද මහඟ= අවස්ථාව පැහැර හරිමින් ශ්‍රී ලංකාව පුරාතණ ග්‍රීසියේ පැවැතියාක් වැනි, වරප්‍රසාද සහිත කු=ඩා කණ්ඩායමක අභිමතය වූත් බහුතරය වූ වහලූන් සහ ස්තී්‍රන් ආණඩුකරණයෙන් සහ දේශපාලනයෙන් පිටමං කලා වූත් මුල් කාලීන ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කරමින් සිටින බව පෙනේ. පුරාතණ ග්‍රීසියේ වහලූන් සහ ස්තී්‍රන් මෙන් සුළුතර ප්‍රජාවන් සහ විසංවාදී හා විපක්ෂ අදහස් දරන්නාවූත් ජනපිරිස් වත්මන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැටකමින් සිටිති.
ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ බහුතර උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දී ජනාධිපතිවරයා සහ පාලක පක්ෂය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී ගියේ බලය ඛෙදා හැරීමේ සහ කොළඹ කේන්ද්‍රකොට ගත් සිංහල ප්‍රජාව විසින් අධිපත්‍ය දරන මධ්‍යගත ව්‍යුහයන් වෙනසකට භාජනය කිරීමේ අවශ්‍යතාවය යි. එසේ නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබියදීත් දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සහ දේශපාලන අපේක්ෂා ආමන්ත්‍රණය කිරීමට දැරෙන කිසිදු උත්සාහයක් නැත. වත්මන් ජනාධිපතිවරයාම විසින් පත්කරන ලද සර්ව පාක්ෂික සම්මේලනයේ යෝජනා මෙන්ම පාලක පක්ෂය සහ එහි හිටපු ජනාධිපතිනි/නායිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද අතහැර දමා ඇති බව පෙනෙන්නට තිබේ.
එපමණක් ම නොවේ. සුළුතර ප්‍රජාවන්ගේ අනෙක් ප්‍රශ්ණ මෙන්ම අතුරුදහන් වූ පුද්ගලයින්ගේ තොරතුරු සොයා ගැනීම, මරා දමන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පිළිගැනීමක් ලබා දීම, වාර්තාගත කිරීම සහ වන්දි ලබා දීම, වසර ගණනාවක් සිරබාරයේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම හෝ නඩු පැවැරීම වැනි කරුණූ අරභයා කිසිදු වැඩ පිළිවෙලක් නැති තරම් ය. සරණාගත ජනයා සහ සිය වාසස්ථාන කරා ආපසු ගිය ජනයා ජනයා සම්බන්ධයෙන් හෝ ප්‍රමාණවත් සහනදායී පියවර ගෙන නැත. වඩා වැදගත්කමක් දෙනු ලැබ ඇත්තේ දෙමළ ජනයා අති බහුතරය වන උතුරෙහි බුද්ධ ප්‍රතිමා පිහිටුවීමට, සිංහල ග්‍රාම නාම මෙන්ම වෙනත් සිංහල නාම පුවරු පිහිටුවීමට සහ දැවැන්ත යුද්ධ කඳවුරු ඉදිකිරීමට ය. විසි වරසරකට පෙර එල්ටීටීඊ ය විසින් යාපනයෙන් පිටමං කරන ලද මුස්ලිම් ජනයාගේ ප්‍රශ්ණ විසදීමට ගනු ලැබ ඇති පියවරක් ද නැති තරම් ය.
විසංවාදය මැඩලීමෙහි බියකරු සංකේතයක් වන පරිදි ජනාධිපතිවරණය අවසන් වූ වහාම උතුරු නැගෙනහිර පැහැදිලි බහුතරයක් ඇතිව සියයට 40ක් ජන්ද ලබාගත් පරාජිත ජනාධිපති අපේක්ෂක අත් අඩංගුවට ගෙන සිරගත කරන ලදී. දේශපාලන අරමුණින් කැරෙන බව පෙනී යන නඩු ගණනාවක්ම අධිකරණය සහ යුද්ධාධිකරණය හමුවෙහි දැන් ඔහුට විරුද්ධව පවරා ඇත.
තමන් විසින් මුදාගන්නා ලදැයි ආණ්ඩුව පවසන උතුරෙහි කිසිදු ආකාරයක ප්‍රජා සංවිධාන පිහිටුවීමට අවසර නැත. ඝාතනය කරන ලද සිවිල් වැසියන් අනුස්මරණය කිරීමට සංවිධානය කරන ලද ආගමික උත්සව පවා තහනම් කෙරුණි.
ජනමාධ්‍යවේදීහු, මානව හිමිකම් ක්‍රියාකාරීහු සහ ආණ්ඩුවට විරුද්ධත්වය දක්වන පිරිස් නොකඩවාම මර්ධනයට ලක්වෙති. මාධ්‍ය සංවර්ධන අධිකාරියක් පිහිටුවීමේ යෝජනාව, ආණ්ඩු විරෝධී පොස්ටරයක් මුද්‍රණය කිරීම නිසා එහි මුද්‍රණකරු සහ මුද්‍රණාලීය සේවක සේවිකාවන් අට දෙනෙකු සම්බන්ධයෙන් ආරක්ෂ අමාත්‍යංශය විසින් තෙමසක රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීම, ගාලූ නගරයෙහි දී සාමකාමී විරුද්ධතා ව්‍යාපාරයක පෙරමුණ ගත් ජවිපෙ පාර්ලිමෙන්තු මංත්‍රිවරුන් අත් අඩංගුවට ගැනීම සහ එම විරෝධතාවයට පොලීසිය විසින් පහර දීම යන මෑත කාලීන වර්ධනයන් මෙම මර්දනය සංකේතවත් කරයි.
ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් නායකත්වය දුන් පිරිස් විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්්‍යාලය වටලෑම ආණ්ඩුවේ ප්‍රකාශකයින් විසින් යුක්ති සහගත කිරීමෙන් පෙනී ගිය පරිදි ප්‍රකාශනයේ නිදහස සහ විරෝධතා දැක්වීම අද ශ්‍රී ලංකාවෙහි ආණ්ඩු පාක්ෂිකයිනට පමණක් අයත් දෙයකි. එමෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් රජයේ නිළධාරියකු ප්‍රසිද්ධියේ ගස් බැදීම නොසළකා හැරීම සහ ඇමැතිවරයා නිදොස් කිරීම මගින් පෙන්නුම් කැරුණේ නීතිය ආණ්ඩු පාක්ෂිකයිනට අදාළ නොවන බව යි.
දෙමළ ඊළාම් විමුක්ති කොටි පැරද වූ බව ප්‍රකාශ කරන ආණ්ඩුව විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්, ජනමාධ්‍යවේදීන්, නීතිවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මානූෂිය සේවා සේවකයින්, පූජකවරුන් සහ ශ්‍රාස්ත්‍රඥයින් මරා දැමීම, අතුරුදහන් කිරීම, පහර දීම සහ තර්ජන ගර්ජනයයන්ට ලක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂන කිරීමට, ඒවාට වගකිවයුතු පිරිස්වලට නඩු පවරා දඩුවම් ලබා දීමෙහි ලා පරාජය වී තිබේ.
18වන ව්‍යවස්ථා සංසෝධනය සම්මතවීමත් සමඟ අධිකරණයේ, රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ මෙන්ම ජාතික මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම, සහ අල්ලස් කොමිසම යන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවන්හි ස්වාධිනත්වය අහෝසි වී ඇත. නුදුරෙහි දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ හදිසි නිති රෙගුලාසි ඉවත් කරනු ඇතැයි පෙනෙන්ට ද නැත. ශ්‍රී ලංකාවේ 18වන ව්‍යවස්ථා සංසෝධනය විසින් ශ්‍රී ලංකාව අත්තනොමතිකත්වයේ දෙරටුව කරා ප්‍රවිශ්ඨ කරවනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවට නීතියේ පාලනය යළි පිහිටුවනු ඇති සහ වරදට දඩුවම් නොලබා සිටීමේ දණ්ඩමුක්තිය අහෝසි කරනු ඇති ආයතනික රාමුවක් අවශ්‍ය ය. එමෙන්ම සිංහල බෞද්ධ බහුතර ප්‍රජාව විසින් සුළුතර ජනයාගේ සහ විසංවාදයේ අයිතීන් පිලිගන්නා සුසමාදර්ශි වෙනසක් ඇති කර ගැනීම අවශ්‍ය ය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ලෙස නැගී සිටීමට නම් බහුතරයේ යහ සාධනය සුළුතරයන්හි යහසාධනය සමඟ ලඟින් බැදී ඇති බව තේරුම් ගැනීම අත්‍යවශය ය. මැතිවරණ වේවා යුදමය වේවා ක්‍රම මගින් සුළුතර ප්‍රජාවන් යටපත් කිරීම මගින් සහ විංසවාදි සහ විවේචනාත්මක අදහස් උදහස් දේශද්‍රෝහීයැයි හංවඩු ගැසීම මගින් සැබෑ මානව ප්‍රගතිය අත්පත් කර ගත නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදයෙහි ලිට්මස් පරීක්ෂනය වන්නේ පාලකයින් සිය අන්තේවාසිකයිනට සහ එහෙයියන්ට සළකන අන්දම නොව සුළුතර ප්‍රජාවන්ට සහ විංසවාදී හා විවේචනාත්මක අදහස් දරන්නන් කෙරෙහි දක්වන ආකල්පය යි.
අයිතීන් සඳහා එකමුතුව
ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ මානව හිමිකම් සඳහා විදේශගත ජාලය
ක්‍රියාකාරී කමිටුව: එම්.සී.එම්. ඉක්බාල් (නෙදර්ලන්තය), බුද්ධික වීරසිංහ (ජපානය) ලයනල් බොපගේ ( ඕස්ටේ්‍රලියාව) නඩරාසා සරවනන් (නොර්වේ) නඩරාසා ගුරුපරන් (එංගලන්තය), පද්මි ලියනගේ (ජර්මනිය), රවීන්ද්‍රන් ප්‍රදීපන් (ප්‍රංශය), රුද්‍රරමූර්ති චේරන් (කැනඩාව), සමන් වගආරච්ච් (ඇමෙරිකාව) සුනන්ද දේශප්‍රිය (ස්ව්ස්ටර්ලන්තය).
Home Unlabelled නීතියේ පාලනය සහ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අභියෝග වෙති
නීතියේ පාලනය සහ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අභියෝග වෙති
By Sri Lanka Guardian • September 14, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment